ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම හට අද පෙරවරුවේ 10.30ට තමන් හමුවීම සදහා වෙලාව ලබා දීමට ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ කටයුතු කොට ඇත.
මීට පෙර ආණ්ඩුවේ මැතිඇමැතිවරු 157 දෙනාම එකවර හමුවීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබුණද පසුව ස්වාධීන කණ්ඩායම තමන්ට තනිවම ජනාධිපතිවරයා හමුවීම සදහා අවස්ථාවක් ඉල්ලා තිබිණ.
ඒ අනුව ඊයේ රාත්‍රී එම කණ්ඩායමට වේලාව ලබා දී ඇති ජනාධිපතිවරයා ඒ බව රාත්‍රියේදීම අගමැතිවරයාටද දැනුම් දීමට පියවර ගෙන ඇත.
නමුත් අගමැතිවරයා කියා ඇත්තේ තමන්ට එම රැස්වීමට සහභාගී වීමට නොහැකි බවකි.










