පොහොට්ටුව විසින් මේ වනවිට පක්ෂය විසින් ගනු ලබන තීන්දුවට එරෙහිව යන සිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමේ ලිපිය මේ වනවිට සකස් කොට ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
යම් හෙයකින් පක්ෂය ගනු ලබන තීන්දුවට පිටින් ගොස් වෙනත් ආණ්ඩුවක තනතුරු බාර ගතහොත් පක්ෂයෙන් ඉවත් කොට එම මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම මෙහි අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.
අද දිනයේ පොහොට්ටුවේ ප්‍රධානීන්ගේ විශේෂ රැස්වීමක් සංවිධාන කොට ඇති අතර එහිදී යම් හෙයකින් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළහොත් සියලු මන්ත්‍රීවරුන් ඊට අනුගත විය යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ ස්ථාවරය වී ඇත.
ඒ අනුව එම නෙරපා හැරීමේ ලිපිවල යෙදීමට ඉතිරිව ඇත්තේ දිනය සහ වේලාව පමණක් බවද වාර්තා වේ.








