සති 2කට වැඩි කාලයක් පුරා කොළඹ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට අඛණ්ඩව පැවැත්වෙන තරුණයන්ගේ ආණ්ඩු විරෝධී අරගලය ජාත්‍යන්තරයට රැගෙන යාම සදහා විදෙස් රටවල ජනමාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් එසේ පැමිණි මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව සියය ඉක්මවන බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ගෝල්ෆේස් අරගලය ජාත්‍යන්තර මාධ්‍ය තුළද වැඩි අවධානයක් දිනාගන්න ප්‍රවෘත්තියක් බවට පත්වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත.










