• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාව නම් අයින් කරන්න බෑලු! එතකොට රට වැටෙයිලු! කියන්නේ විමල්! ඔන්න ඉතින් අහපල්ලා!

April 24, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල් පිලෙන් ගෝඨාට කොන්දේසියක්! ජනපතිට-අගමැතිට-බැසිල්ට දරුණු ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඇතැමුන් කියන පරිදි ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කළොත් මේ රට අස්ථාවර වෙන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු පවසන්නේ එම නිසා ජනාධිපතිවරයා ඉවත් කිරීම නොකළ යුතු බවයි“රටට අභිවෘද්ධිය සලසන වැඩපිළිවෙළකට සහ රට පිළිබඳ සාමූහික තීන්දු ගන්නා සියලු පක්ෂවලින් සැදුම්ලත් ජාතික සභාවකට එකඟ කරවාගෙන අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව පූර්ණ ලෙස ඉවත් කළ යුතු බව ඔහු කියනවා.

ඉන් පසුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම අර්බුදයට මේ මොහොතේ විසඳුම” බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරන්නේ.

“ඉන්ධන ලබා ගන්න ගියාම ඉන්ධන නැතිවෙනකොට, ආනයනික ඇතැම් භාණ්ඩ හිඟ වෙනකොට, ගෑස් මිල දී ගන්න ගියාම ගෑස් නැති වෙනකොට, විදුලිය කැපෙන කොට ආදී විවිධ කාරණා ඔස්සේ අපේ ඇඟපතට දැනෙනවා, ‘රටේ ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙනවා’ කියා. මේ ආරම්භය පමණයි. දැන් කියවෙනවා ‘කඩදාසි නැහැ’ කියා. ඉදිරියේදී සුපිරි වෙළඳසැල්වල බඩු හිඟයි, කියාවි. බරපතලකම කොයි තරම් අඩු වැඩි වශයෙන් දැක්කත් අපට පිළිගන්න වෙනවා අපි ඉදිරියේ අර්බුදයක් තිබෙනවා කියා. එය විසඳාගත හැක්කේ කෙසේද, කියන ප්‍රශ්නය ඒ සමඟ එනවා.සහරාන්ලාගේ ප්‍රහාරය නාවත්, කෝවිඩ් නාවත්, යුක්‍රේන යුද්ධය නාවත් ප්‍රමාදවී හෝ අපට මේ විදේශ විනිමය අර්බුදයට මුහුණදීමට සිදුවෙනවා. අර්බුදය ඉක්මනින් පැමිණීමයි ඉහත සාධක මගින් සිදු වූයේ.දැන් ‘යකා’ අවුස්සාගෙන ඉවරයි.

මේ මධ්‍යම පංතිය එක්තරා දුරකට යකෙක්. පුරුදු ජීවන රටාව දෙන්නම වෙනවා. නැතිනම් මරන් කන්න එනවා. පුද්ගලික ජෙට් එකෙන් ගිහිල්ලා හරි තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන, පිටරටකට හෝ ගිහින් ජීවත් විය හැකි උඩම පිරිස හැරුණාම, මධ්‍යම පන්තියේ ඉහළම කොටස, ඊට පහළ මට්ටමේ පිරිස, ඊටත් පහළ සියලු සමාජ ස්ථරයන් මේ අර්බුදය විසින් පීඩාවට පත් කර තිබෙනවා” යි මන්ත්‍රීවරයා කියනවා.

සුමන්දිරන් හිතනවා ‘ෆෙඩරල් දිනා ගන්න මේක හොඳම වෙලාව’ කියා. දෙමළ ඩයස්පෝරාව හිතනවා ‘මේක ඊළම ගන්න හොඳම වෙලාව’ කියා. ඒ වගේම බෞද්ධ විරෝධී, නිරාගමික රැවුල්කාර මහත්වරුන් හිතනවා, ‘ශාසනයට, භික්ෂූත්වයට පහර දෙන්න මේක නියම වෙලාව’ කියා.

මේ අවස්ථාව දෙස බලාගෙන ඉන්න එක එක අයට එක එක උවමනාවන් තිබෙනවා ඉටුකර ගැනීමට.සමහරු කියනවා, ‘ගෝඨාභය රාජපක්ෂත් යන්න ඕනේ’ කියලා.

ගෝඨාභය රාජපක්ෂ ගියාට පස්සේ මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ 113ක බලයක් පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉතිරි අවුරුදු දෙකහමාරට ජනාධිපති වෙනවා. දැන් හැංගිලා ඉන්න බැසිල් මහත්තයා ඇවිත් ‘මට 113 හදන්න පුළුවන්’ කියලා ඇවිත් 113 හදලා පෙන්නුවොත් ගෝඨාභය මහත්තයා ගිහින් තියෙන්නෙ බැසිල් මහත්තයාට ජනාධිපති වෙන්නනේ. ‘කපුටා කමිං ටු ප්‍රසිඩන්ට් හවුස්’. ඒකද කරගන්න ඕනේ. එහෙම නැතිව 113 පෙන්වන්න දෙන්නෙක් පොරකෑවොත් කිසිම කෙනෙකුට 113 නැති වුණොත් මොකද වෙන්නේ? කාටත් තක්කු මුක්කු වෙලා ඉන්නයි වෙන්නේ. මේක තක්කු මුක්කු වෙලා ඉන්න පුළුවන් වෙලාවක් ද? දැන් කරන්න ඕනේ ජනාධිපතිත් ඉවත් කරලා රට තවදුරටත් අස්ථාවර කරන එක නොවෙයි” යයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා.

SendShareShare
Previous Post

ගෝඨා ඉන්න කියන එවුනුයි ගෝඨාගෙන් ඇමැතිකම් ගන්න කෙළ හලන විපක්ෂයේ ඉන්න හොර මන්ත්‍රීලයි අහපල්ලා ‌පාරේ මිනිස්සු කියන කතාව! (VIDEO)

Next Post

සබන් ගාලා හමාරයි!

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.