අගමැතිකමින් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දුන් බව කියන 13 දෙනාගේ කණ්ඩායමේ සිටි සිව් දෙනකු අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට එක්ව සිටි බව දැනගන්නට තිබේ.
මෙහිදී මැතිඇමැතිවරුන් මේ පිළිබදව විමසද්දී ඔවුන් සදහන් කොට ඇත්තේ තමන් කිසිවිටක අගමැතිවරයා ඉවත් කරන ලෙස නොකී බවකි.
ආණ්ඩුව පවත්වාගෙන යාම සදහ නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔවුන් එහිදී සදහන් කොට ඇත.
ඒ අනුව අගමැතිවරයාට සහාය පළ කරමින් ගෙනා යෝජනාවට පක්ෂව මෙම මන්ත්‍රීවරුන්ද අත් ඔසවා ඇති බව දැනගන්නට තිබේ.










