ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් නව සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර අද(19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.
එකම මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ (18) දිනයේ IOC සමාගම සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර එකඟතාවකට පැමිණි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.










