ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් පසුගියදා උගන්ඩාවට රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය යනුවෙන් පමණක් විස්තර කරන ලද සැක සහිත ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණයක් සිදු වී ඇත් දැයි පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණ.
නීතීඥ තාරක නානායක්කාර, නීතිඥ එරන්ද වැලිඅංගේ සහ නීතිඥ ඉන්දික ප්‍රේමතිලක විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.










