අද දින නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමේ අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවී සිටීම විශේෂ සිදුවීමක් විය.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ නව කැබිනට් තනතුරු සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කිරීම සදහා මෙසේ අගමැතිවරයා එම උත්සව අවස්ථාවට නොපැමිණි බවකි.
විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසකට ඇමැති ධූර නොලැබීම අගමැතිවරයාගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇති බව දැනගන්නට ඇත.
ඒ හේතුව මත අගමැතිවරයා අද පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ අවස්ථාවට සහභාගී වී නොමැති බව දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන තොරතුරුවලින් කියවේ.










