ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා තමන්ට යෝජනා කළ කැබිනට් අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.
ඒ බව තොණ්ඩමන් මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ.
මේ වනවිට තොණ්ඩමන් මහතා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කළද අමාත්‍ය ධූරයක් බාරගෙන යළි ආණ්ඩුවට එක්වීමේ සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළව තිබිණ.










