සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 වැනිදා සිට 15 දක්වා දින තුනේ විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
උත්සව සමයේ ජනතාව අපහසුතාවයට පත්වීම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බව ද ජනක රත්නායක මහතා කීය.
කෙසේවෙතත් අප මීට පෙර මෙම තොරතුර අනාවරණය කරමින් කියා සිටියේ අවුරුදු දින කිහිපය තුළ විදුලිය විසන්ධි වීමක් සිදු නොවන බවත්, ඉන් අනතුරුව අවසන් සති දෙකේදී නැවත විදුලි කප්පාදුවක් සිදු වන බවත්ය.
ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන නැව් 2ක් ලංකාවට පැමිණ තිබීම මීට හේතු වී ඇති බවද අප එහිදී අනාවරණය කර සිටියෙමු.










