• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ මතය වැඩක් නෑ! රහස් ජන්දයකින් අගමැති පත් කරමු! බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යමු! සති 2ක් ඇතුළත 25ක කැබිනට් එකක් පත්කරමු! හිටපු අගවිනිසුරු අලුත් ආණ්ඩුවක් පිහිටුවන හැටි නීතියට අනුව කියයි!

April 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨාගේ මතය වැඩක් නෑ! රහස් ජන්දයකින් අගමැති පත් කරමු! බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යමු! සති 2ක් ඇතුළත 25ක කැබිනට් එකක් පත්කරමු! හිටපු අගවිනිසුරු අලුත් ආණ්ඩුවක් පිහිටුවන හැටි නීතියට අනුව කියයි!
Share on WhatsAppShare on Facebook

යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් පෙන්වන අයකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවත් මෙවැනි අවස්ථාවක ඔහුගේ මතය අවශ්‍ය නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වර්තමානයේ දී මතුව ඇති ආණ්ඩුව පිළිබඳ අර්බුදයට විසඳුම් ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් බව ද සරත් එන් සිල්වා මහතා කීවේය.

හිටපු අගවිනිසුරුවරයා මෙසේ ද පැවසීය.

“රටේ ආණ්ඩුව පිළිබඳව යම්කිසි අර්බුදයක් මතුවී තිබෙනවා නම් එයට විසඳුම ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණයි. විධායකය දැන් සම්පූර්ණයෙන් කඩාවැටිලා. හැම තැනම ගියොත් ‘ගෝඨා ගෝ හෝම්’ කියනවා. අගමැතිතුමා දුබල වෙලා නිසා එතුමාත් අක්‍රීයයි. විධායකයෙන් අනෙක් අංගය වන කැබිනට් මණ්ඩලයක් තියෙනවද නැද්ද දන්නේ නැහැ. ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා යෝජනා සම්මතයක් ගෙනාවා.

මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. පළමු ක්‍රමය නීති පැනවීමයි. දෙවැන්න ස්ථාවර නියෝග හෝ යෝජනා සම්මතය මගින්. 74 වන ව්‍යවස්ථාවේ මෙසේ ක්‍රියාත්මක විය හැකි බව තියෙනවා. යෝජනා සම්මතය මගින් අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කරගැනීමේ ක්‍රමවේදයක් දැමිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා 113ක් පෙන්වන කෙනාට දෙන බව කියනවා. මේ වගේ වෙලාවක එතුමාගේ මතය අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්න නිා අගමැතිධූරයට නම් යෝජනා කර රහස් ඡන්දයක් තුළින් සම්මත කරගත හැකියි. පළමු වටයේ බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යා හැකියි. අගමැතිවරයා දින 14කදී ඇමතිවරු 25කගේ නම් යෝජනා කළ යුතුයි. ඉන්පසු එයත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකියි. ඔය ක්‍රියාදාමය සති දෙකක් තුළ ඉවර වෙනවා. එමෙන්ම මෙය සර්වපාක්‍ෂික විය යුතුයි.
බහුතරය වෙන කෙනෙකුට ගිය සැණින් ඉන්න අගමැති අහෝසි වෙන නිසා වත්මන් අගමැතිවරයා ඉවත්වෙනවා. අපි මෙය පාර්ලිමේන්තුව තුළින් කරන බව කීවොත් ජනතාවගේ ඔය සැරත් යනවා. ඒ නිසා මෙය ඉක්මනින් කළ යුතුයි.”  

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එක!

Next Post

ආණ්ඩුවේ අර්බූදයෙන් ආර්ථිකයත් අර්බූදයට! මූඩීස් ලංකාව ගැන අලුත්ම වාර්තාව නිකුත් කරයි!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.