• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වාහනේට හැමදාම ගැහුවත් දන්නවද මේ පෙට්‍රල් 92යි 95යි කියන්නේ මොකද්ද කියලා!

April 6, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
වාහනේට හැමදාම ගැහුවත් දන්නවද මේ පෙට්‍රල් 92යි 95යි කියන්නේ මොකද්ද කියලා!
Share on WhatsAppShare on Facebook

ඔබ මේ දවස්වල ඩීසල් ගහන්න පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්නව නේද? මේ ඩීසල් පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න අතරතුරේ අපට දැනගන්න හම්බවෙන සමහර කාරණා තියෙනවා. 92 පෙට්‍රල්, 95 පෙට්‍රල් කියලා වර්ග තියෙනවා. මේ පෙට්‍රල්වල 92, 95 කියන එක තීරණය වෙන්නේ ඒවායෙ ඔක්ටේන් අගයත් එක්ක. ඩීසල්වලත් එහෙමයි. සුපර් ඩීසල්, සාමාන්‍ය ඩීසල් කියලා වර්ග දෙකක් තියෙනවා. මේවා තීරණය වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි දන්නවා සමහර අය කියනවා මගේ වාහනයට ගහන්නේ 95, 92 මම ගහන්නෙ නෑ කියලා. සමහර වෙලාවට සමහරුන්ට සිද්ධ වෙනවා පෙට්‍රල් පෝලිමේ ගිහිල්ලා 92 ගහන වාහනේට 95 ගහගන්න. මේ කාලෙ සමහර ෂෙඩ්වල 92 තෙල් ඉවර වෙලා. 95 තාමත් තියෙනවා. දැන් ඔබට ඔක්ටේන් අගය ගැන කතා කරනකොට මේ අඩුවැඩි වීම ගැන හොයාබලන්න ඕනෙ කියලා අපි තීරණය කළා.

ඒකට හේතුව ලංකාවෙ මේ වෙනකොට තියෙන තෙල්වල ප්‍රශ්නයක් තියෙනවද? මේ තෙල් එක බාලද? තෙල් පිච්චෙන එක වැඩීද? සමහර වෙලාවට අපටත් හිතෙනවා මේ තෙල් පිච්චෙන එක වැඩියි කියලා. ඇත්තටම මේ තෙල්වල යම් කිසි වෙනසක් තියෙන බව තෙල් සම්බන්ධව දන්න අය කියන කාරණයක්. ඒ වගේම පෙට්‍රල් ෂෙඩ්වල ඉන්න අය පැහැදිලිවම කියනවා මේ තෙල්වල වර්ණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ තෙල්වල වර්ණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ ඇයි? ඒ වගේම මේ තෙල් යම්කිසි විදියකට පිරිපහදු කිරීමේ අඩුවක් තියෙනවද? අඩුවෙන් පිරිපහදු කරපු තෙල්ද මේ පාවිච්චි කරන්නේ?

ඉස්සර නම් තෙල් පිරිපහදු කළේ ලංකාවේ. හැබැයි දැන් තෙල් පිරිපහදුව ලංකාවෙ සිද්ධ වෙන්නෙ නෑ. එතකොට මේ ගෙනාවෙ බාල පෙට්‍රල් වර්ගයක්ද? බාල පෙට්‍රල් ලංකාවට ගේන්න පුළුවන්ද බැරිද කියන එක සම්බන්ධව අපි දන්නවා. අපේ ඉතිහාසයේ නරක තැනක් තියෙනවා. ඒ කියන්නේ අපි බාල පෙට්‍රල් ලංකාවට ගෙනාවා. ඒ හරහා වාහන පවා සවුත්තු වුණා කියලා කියනවා. එහෙම නම් මේ ගෙනල්ලා තියෙන්නේ බාල පෙට්‍රල් වර්ගයක්ද? ඒ බාල බව තීරණය වෙන්නේ ඔක්ටේන් අගයත් එක්කද? අපි ඒ ගැන ටිකක් හිතන්න හිතුවා.

පෙට්‍රල් එන්ජිමක් ඇතුළේ පෙට්‍රල් සහ පිටින් එන ඔක්සිජන් වායුව අතර ඇතිවන කොම්ප්‍රෙෂන් වීම තමයි මේ තෙල් පිච්චීම කියන ක්‍රියාදාමයට අයිති වෙන්නේ. එතකොට මේ තෙල් කොම්ප්‍රෙෂන් වීම හරහා නොක් වීම කියලා දෙයක් සිද්ධ වෙනවා කියලා කියනවා. මේ නොක් වීමේ ප්‍රමාණය දරාගැනීම තමයි ඔක්ටේන් අගය අනුව සිද්ධ වෙන දේ. ඔක්ටේන් අගය වැඩි නම් නොක්වීම දරාගැනීමේ හැකියාව එන්ජිමට වැඩියි. හැබැයි ඔක්ටේන් අගය අඩු නම් මේ නොක්වීම දරාගැනීමේ හැකියා අඩු වෙනවා. එතකොට ඔක්ටේන් අගය අඩුවීම නිසා ඉන්ජිමට හානියක් වෙන්න පුළුවන්. හැබැයි දැනගන්න තියෙන විදියට මේ නොක්වීම සහ ඉන්ජිමට මේකෙ බලපෑම සිද්ධ වෙන වාහන තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ නොක්වීම දරාගත නොහැකි විදියේ සමහර පහසුකම් සහිත වාහනවලට අනිවාර්යයෙන් 95 වර්ගයේ තෙල් දැමිය යුතුමයි. එතකොට නොක්වීම සිද්ධ නොවෙන, ඒ වගේම නොක්වීම හරහා එන්ජිමට හානි නොවෙන ආකාරයේ වාහනවලට 95 වර්ගයේ පෙට්‍රල් ගැහුවොත් මොකද වෙන්නේ? ඒ ගැන දන්න අය කියන්නේ ඇත්තටම එහෙම වාහනයකට 95 වර්ගයේ තෙල් ගැහුවොත් ඒ හරහා වාහනයට කිසිම සපෝට් එකක් ලැබෙන්නේ නෑ කියලා. වෙන්නෙ ඔබේ අතේ තියෙන මුදල වියදම් වීම පමණයි. 95 වර්ගය, නැත්නම් 92 කියන එක හරහා එන්ජිමට ලැබෙන සහයෝගය තීරණය වෙන්නේ ඒ ඒ එන්ජින්වල ප්‍රමාණය සහ විදිය අනුව. ඇක්සියෝ ප්‍රිමියෝ වර්ගයේ වාහනවලට පවා මේ 95 වර්ගයේ තෙල් අවශ්‍ය වෙන්නේ නෑ කියලයි දැනගන්න තියෙන්නේ. සී.එච්.ආර්. වර්ගයේ සිට ඉහළට තියෙන සමහර වාහනවල එන්ජිම විශේෂයෙන්ම මේ 95 ඔක්ටේන් අගය සඳහාම සකස් කරලා තියෙනවා.

ඔක්ටේන් අගය සම්බන්ධව හොයලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබට පුළුවන් වෙනවා තමන්ගෙ වාහනේ පොත පරීක්ෂා කරලා බැලුවොත්. ඒ පොතේ තියෙනවා තමන්ට අවශ්‍ය කරන තෙල් වර්ගය විශේෂිත වර්ගයක්ද නැද්ද කියන එක. ඔබේ වාහනයේ ඔව්නර්ස් කෝඩ් එක අනුව ඉතා සරලව ඔබට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලත් හොයාගන්න පුළුවන් අවශ්‍ය කරන තෙල් වර්ගය මොකක්ද කියලා. මේ කියන තැන රෙගියුලර් පෙට්‍රල් කියලා සඳහන් වෙලා තියෙනවා නම් ඔබේ වාහනයට සාමාන්‍ය පෙට්‍රල් ලබාදුන්නට ප්‍රශ්නයක් නෑ. මේක ජපානයේ නම් 87,89,93 වගේ අගයන්වල තියෙනවා කියලා තමයි කියන්නේ. ප්‍රීමියම් පෙට්‍රල් කියලා ඔව්නර්ස් ගයිට් එකේ තියෙනවා නම් ඒ වාහනයට 95 ඔක්ටේන් අගය ලබාදිය යුතුයි. මොකද ඒ වාහනේ එන්ජිම හයි කැපෑසිටි එන්ජිමක් විදියටයි සකස් කරලා තියෙන්නේ. ඒ නිසා හයි කැපෑසිටි එන්ජිමක් නොවන වාහනයකට 92 වර්ගයේ තෙල් ලබාදුන්නාම හොඳටම ප්‍රමාණවත් කියලයි කියන්නේ.

ඔක්ටේන් අගය වැඩි කරන්න විවිධ උපක්‍රම එදා ඉඳන් පාවිච්චි කරලා තියෙනවා. ඒකට එතනෝල් මෙතනෝල් වගේ දේවලුත් යොදලා තියෙනවා කියලා තමයි කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් ඔක්ටේන් අගය 87ට තියෙන පෙට්‍රල්වලට එතනෝල් 10%ක් එකතු කළොත් ඒ තෙල්වල තියෙන ඔක්ටේන් අගය 87% දක්වා වැඩිවෙනවා කියලා කියනවා. මේ පිළිබඳ තොරතුරු හොයන්න අපි යූටියුබ් එකේ ඵඍන්‍ සබිචසරු කියන චැනල් එක නැරඹුවා. ඒ නිසා ඔබටත් පුළුවන් වාහන සම්බන්ධ තොරතුරු සොයාගන්න මේ නාලිකාව නරඹන්න. ඔවුන්ගෙන් අවසර ලබාගෙන හෝ දැනුම්දීමකින් තොරවයි අපි මේ කටයුත්ත කළේ. නමුත් මේ ඔක්ටේන් අගය සම්බන්ධව අපි හොයද්දී අපට දකින්න ලැබුණු එක වීඩියෝ එකක් තමයි ඒක. කොහොම නමුත් කාරණා දන්න උදවිය කියන්නේ ඔක්ටේන් වැලිව් එක මත වාහනේ ඉන්ධන පිච්චීම තීරණය වෙන්නේ නෑ කියලා. ඒ නිසා ඔබ සමහර වෙලාවට ඔක්ටේන් 95 ඔබේ වාහනයට ගහලා බලාපොරොත්තු වෙනවා නම් වැඩි ඉන්ධන පරිභෝජනයක්, එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා කියනවා. කොහොම නමුත් 92, 95 කියන ඔක්ටේන් අගය තීරණය වෙන්නේ ඔය විදියට.

තෙල් වැඩි පිරිපහදුවක් නොකිරීම, තෙල්වල තියෙන වෙන මොනව හරි ප්‍රශ්නයක්, නැත්නම් ඔක්ටේන් අගය 87ටත් වඩා අඩු 84 වගේ මට්ටමක තියෙන තෙල් සමහර විට ඔබේ වාහනේට ලැබෙන්න පුළුවන්. ඒ හරහා වෙනත් අතුරු ආබාධ වාහනේ එන්ජිමට සිදු නොවෙනවාය කියලා අපට සහතික වෙන්න බෑ. කොහොම නමුත් මේ 92, 95 කියන කතන්දරේ හැදෙන්නෙ ඔය විදියට. ඔක්ටේන් අගය නිර්මාණය වෙන්නේ ඒ තුළ ඇතුළත් වෙන සංඝටක මත. මේ සංඝටකවල රූපසටහන් සම්බන්ධවත් ඔබට මේ ලිපිය සමග පළකරන්න හැකියාව තියෙනවා. මේ රූපසටහන් අපි හොයාගත්තේ ඵඍන්‍ සබිචසරු නාලිකාවෙන් බවත් සිහිපත් කළ යුතුයි. කොහොම නමුත් තෙල් ප්‍රශ්නෙ දරුණුවටම යන අස්සේ අපි ඔබට කියන්න තීරණය කළේ මේ 92 වාහනේට 95 යෙදීමෙන් ඔබට සිද්ධ වෙන වාසිය මොකක්ද කියන එක සම්බන්ධව. ඔබේ වාහනේ හයි කැපෑසිටි එන්ජිමක් සහිත එකක් නොවේ නම් අවසන් වශයෙන් කියන්න වෙන්නේ ඔක්ටේන් 95 තෙල් යෙදීමෙන් වෙන්නේ අතේ තියෙන සොච්චමට තට්ටු වෙන එක විතරයි කියලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

Next Post

මෙන්න ජනාධිපති අලුතෙන්ම දාපු තුන්දෙනා!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.