ජනතා විමුක්ති පෙරමුණේ සිටි දැනට ජීවතුන් අතර සිටින සැබෑ විප්ලවකාරී නායකයා වශයෙන් පිළිගැනෙන පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා කලඑළි බසී.
ජවිපෙන් ඉවත් වී ගුණරත්නම් මහතා නිර්මාණය කළ පෙරටුගාමී පක්ෂය මෙරට විශ්ව විද්‍යාල වල වැඩිම බලයක් තියෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන පක්ෂයයි.
මේ වන විට රට පුරා පැවැත්වෙන විරෝධතා රැල්ලේ පෙරමුණ ගෙන ඇත්තේ ද පෙරටුගාමි ශිෂ්‍යයන්ය.
කුමාර් මහතා ඊයේ (03) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වීම විශේෂත්වයකි.










