ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියකු මෙන්ම ඒ මහතාගේ සමීපතමයකු වන මිලින්ද මොරගොඩ මහතා පළාත් සභා අහෝසි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ මහතා පෙන්වා දෙන්නේ ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් ලබා පළාත් සභා අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවකි.
පළාත් සභා වෙනුවෙන් ආණ්ඩුව විශාල අනවශ්‍ය වියදමක් දරන නමුත් පළාත් සභා හරහා ඊට සමාන ජනතා මෙහෙවරක් සිදු නොවන බව මොරගොඩ මහතාගේ ස්ථාවරය වී තිබේ.










