• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති සංචාරක අධිකාරියේ සංචාරයක! (PHOTOS)

March 24, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
ජනපති සංචාරක අධිකාරියේ සංචාරයක! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකියි. ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මඟින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

වසරේ පළමු කාර්තුවේදී සංචාරකයන් 260,000කට අධික පිරිසක් පැමිණ සිටිති.

එය පසුගිය වසරේ සමස්ත සංචාරකයන්ගේ පැමිණීමට වඩා ඉහළ අගයකි.

වසර අවසානය වන විට සංචාරකයන් මිලියන 1.3ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි.

සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

කොළඹ 03, ගාලු පාරේ, අංක 80 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (24) පෙරවරුවේ නිරීක්ෂණය කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සැලසුම්සහගතව හා ක්‍රමානුකූලව සංචාරක ව්‍යාපාරයේ දියුණුව මඟින් වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා 1966දී සංචාරක මණ්ඩලය ස්ථාපිත කෙරුණු අතර 2005 වසරේ දී එය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බවට පත් විය.

සංචාරකයන් ගෙන්වා ගැනීම, නවාතැන් හා නිවාඩු නිකේතන සැලසුම් කිරීම, සංචාරක හෝටල් සහ සංචාරක ආයතන ඇතුළු සංචාරක සේවාවන් ලියාපදිංචිය හා වර්ගීකරණය, බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සංචාරක කර්මාන්තයට අදාළ සියලු ක්ෂේත්‍ර අධීක්ෂණය සඳහා සංචාරක සංවර්ධන අධිකාරියට බලතල පැවරී ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය, සමුළු කාර්යාංශය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වූ කාර්ය මණ්ඩලයේ කැපවීම ඇගයීමට ලක් කළේය.

ඩොලර් බිලියන 10ක මුදලක් වාර්ෂිකව සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීම රජයේ ඉලක්කය වී තිබේ.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැවැන්ත පහරක් එල්ල කෙරිණ.

කොවිඩ් වසංගතය හේතුවෙන් එය තවදුරටත් බිඳවැටීමට ලක් විය.

සංචාරක ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් වේගවත් ප්‍රවර්ධනයක් සඳහා රජය සියලු පියවර ගෙන තිබේ.

එන්නත්කරණ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මත නැවත සංචාරක කර්මාන්තය හිස ඔසවමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව දේශීය හා විදේශීය රැකියා විශාල සංඛ්‍යාවක් පවතී.

ඊට සරිලන පරිදි පුහුණු අවස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඒ සඳහා රට පුරා ව්‍යාප්තව ඇති හෝටල් පද්ධතියේ සහාය ලබා ගනිමින් තරුණයින් සඳහා ප්‍රායෝගික පුහුණුවත්, න්‍යායාත්මක දැනුමත් ලබා දීමට සැලසුම් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය බිඳ දැමීමට විවිධ ආකාරයේ සැලසුම්සහගත ප්‍රචාරණයන් ගෙන යමින් තිබේ.

එවැනි පසුබිමක වුව ද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතී.

පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු ය.

මෙරටට පය තැබීමේ සිට නැවත පිටත්වීම දක්වා ඉහළ ආගන්තුක සත්කාරයක් සමඟ සිත්ගන්නා සුළු සේවාවක් සැපයීමට කටයුතු සැලැස්වීම සංචාරක සංවර්ධන අධිකාරිය සතු වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර මෙරටට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබී ය.

යාල, කුමන, මින්නේරිය ඇතුළු වනෝද්‍යාන හා වෙරළ කලාපය සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන මහත්මමහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

SendShareShare
Previous Post

ගමට බැංකුවක් ගේන්න තනියෙන්ම සටන් කරපු අහිංසක මිල්ටන් මාමා!

Next Post

#GOTAGOHOME! මරික්කාර් පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.