• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හොඳ නොවෙන තුවාලයක් තිබ්බද? මරණ පරීක්ෂණේ තිබ්බේ නැද්ද? වාහනයක අරන් නොගියේ ලෝබකමටද? නැදුන්ගමුවේ රාජා මැරුණද මරා ගත්තද?

March 22, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
මෙදා වාරේ ඇහැල පෙරහැර පාළු වී යාවී… කන්ද නැගගෙන කවුරු එනකල් හිඳින්නද පේවී…
Share on WhatsAppShare on Facebook

ඇත්ත වශයෙන්ම කියනවා නම් නැදුන්ගමුවේ රාජා මැරුණේ කොහොමද? කොහොම නමුත් නැදුන්ගමුවේ රාජා මේ වෙනකොට මියගිහිල්ලා ඉවරයි. නැදුන්ගමුවේ රාජා කියලා කියන්නේ ශ්‍රී ලංකාවට හිටපු ඉතා සුවිශේෂ සතෙක්. ඒ සුවිශේෂ වීමට හේතුව වෙන්නේ මේ සතාගේ විශාලත්වය. සාමාන්‍යයෙන් පැවසෙනවා හීලෑ අලි ඇතුන් අතර ඉන්න විශාලතම සත්වයා විදියට නැදුන්ගමුවේ රාජාව සැලකුවාය කියලා. ඒකට හේතුව ඌ හරි විශාලයි. ඒ වගේම පෙනුම ගත්තත් නැදුන්ගමුවේ රාජා කියන්නේ ඉතා සුවිශේෂ සතෙක්. හිතාගන්න බැරි දේ තමයි නැදුන්ගමුවේ රාජාට ඇයි මේ විශේෂ ආරක්ෂාවක් දුන්නේ, ඇයි නැදුන්ගමුවේ රාජා එක්ක තුවක්කු ගත්ත හමුදා සෙබළු ගියේ කියන එක. මොකද ලංකාවේ පාරෙ යන අලියෙක්ගෙ දළ කපාගන්න තරම් ම්ලේච්ඡ සහ කාර්යක්ෂම ත්‍රස්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

මොකද ලංකාවේ දළ කපාගැනීම වගේ දෙයක් කරනවා නම් කරන්නේ අපේ බලය සහිත නිලතල සහිත රට පාලනය කිරීමේ කටයුත්තට තරම්වත් අඩුම තරමේ ශක්තියක් තියෙන මහත්තුරු සහ නෝනලාගේ මූලිකත්වයෙන්. එහෙම අයගෙ මූලිකත්වයෙන් කරන දේවල් කැලේ ඉන්න සතුන්ට මිසක් පාරෙ යන සතාට කරනවද කියලා අපට ප්‍රශ්නයක්. සියඹලන්ගමුවෙ ඇතා ඒ විදියට මියගියා. ඒ මියයෑම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. දළ පූට්ටුවා මරා දැම්මා. ඒ මරාදැමීම සම්බන්ධව ප්‍රශ්නයක් තිබුණා. හැබැයි දැන් ඒක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා විසඳුණෙත් නෑ. ඒවා නිකන් සිහිවටන විතරක් බවට පත්වෙලා තියෙනවා. මේ විදියට අලි ඇත්තු විශාල ප්‍රමාණයක් වනාන්තර තුළ මියගියා. මේ අලි ඇතුන්ගෙ මළ සිරුරු හමුවුණා දළ නැතුව. එතකොට දළ කපාගත්ත එවුන් කවුද කියලා හොයන්න ගියාට පස්සේ අපට හිතෙන්න ගත්තා වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියලා. එතකොට එහෙම සමාජයක් ඇතුළේ නැදුන්ගමුවේ රාජාට ඇයි ආරක්ෂාව දුන්නේ. කවුරු හරි කෙනෙක්ගෙන් නැදුන්ගමුවේ රාජාට තර්ජනයක් තිබුණද? කොහොම නමුත් මේ විදියට සුවිශේෂ ආරක්ෂාව යටතේ පරිස්සම් කරපු වටිනා සතා අද මියගිහිල්ලා. මේ මරණය සම්බන්ධව රටේ වගකිව යුතු භික්ෂුන්වහන්සේ නමක් සමාජ මාධ්‍යවලට මුදාහැරපු වීඩියෝවකින් කියැවෙන

වා මේ මරණය සැකයි, මේ සතා මියගියේ කුණුගොඩක, මේ සතාට හරියට සත්කාර ටික සිදුවුණේ නෑ, මේ සතාගේ ජීවිතේ පරිස්සම් කරගන්න තිබුණා කියලා. එතකොට මේක ඇත්තද?ඇත්ත වශයෙන්ම නැදුන්ගමුවේ රාජාව ආරක්ෂා කරගන්න බැරිව ගියාද? ඇත්ත වශයෙන්ම නැදුන්ගමුවේ රාජාගේ ජීවිතය ඔහේ පූජා කරන්න සිද්ධ වුණාද? නැදුන්ගමුවේ රාජාට හරියට බේත්හේත් ටික දුන්නෙ නැද්ද? නැදුන්ගමුවේ රාජා මියගියේ කුණුගොඩකද? මේ ගැන කතාබහ කරනකොට උන්වහන්සේ විතරක් නෙවෙයි තවත් සමහර අය මේ සම්බන්ධව තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ඉතා වගකිව යුතු අය කියනවා නැදුන්ගමුවේ රාජාව ගම්පහ වැලිවේරියෙ ඉඳලා පාගමනින් නුවර එක්කගෙන ගියේ සාම්ප්‍රදායික බවක් නිසාවත්, නැත්නම් මේ සතාට කරන පුද සත්කාරයක් නිසාවත් නෙවෙයි, ලොරියක් ගන්න තිබිච්ච අකැමැත්ත සහ ඒකට සල්ලි වියදම් කරන්න තිබිච්ච අකැමැත්ත හින්දාය කියලා. මේවායෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් අපටත් එහෙම දේවල් හිතෙනවා. මොකද ඉස්සර අපි පයින් ගියපු මිනිස්සුනේ. අපේ ගෙවල්වල හිටපු ආච්චිලා සීයලා එහෙම අපට මතකයි කියනවා මේ කිලෝමීටර් ගානක් අපි ගියේ පයින් කියලා. උන්දැලා පයින් ගියාට අපි පයින් යන්නෙ නෑ. ඒකට හේතුව අපිට යන්න වාහන, බයිසිකල්, ත්‍රීවිල් එකක් හෝ මොකක් හරි ක්‍රමවේදයක් හැදිලා තියෙන හින්දා. නැතුව බස් තියන් පයින් යනවා කියනව වගේ අඬුව තියෙද්දි අත පුච්චාගන්නවා වගේ ඇයි අපි පයින් යන්නේ? ඇත්තටම නැදුන්ගමුවේ රාජාව වාහනේකට ගොඩ නොකෙරුවේ ඇයි? නැදුන්ගමුවේ රාජාට හානියක් වෙයි කියලද? නැදුන්ගමුවේ රාජාට හානියක් වෙයි කියලා හිතනව නම් අලි ඇත්තු අයිතිකාරයො තමන්ගෙ ඇතාව, තමන්ගෙ අලියව වාහනේකට ගොඩ කරන්නේ ඒ සතාට අනාදරේ නිසාද?

බැරිවෙලා හරි කතරගම දේවාලෙ වාසනාව මේ විදියට වාහනේකට ගොඩකරන එක නතර කරලා වාසනා පයින් යන්න ගත්තා නම් මේ අවුරුද්දෙ ඇසළ පෝයට තියෙන පෙරහැරට මේ වෙනකොටත් වාසනාට කතරගම ඉඳලා පයින් එන්න පටන්ගන්න වෙනවා. මොකද හේතුව කතරගම වාසනාය කියලා හයිවේ එකේ පයින් එන්නත් බෑනෙ. ඒ නිසා එන්න වෙන්නේ නිකන් සාමාන්‍ය පාරෙම තමයි. එහෙනම් වාසනාට අවුරුද්දෙ කරන්න වෙන්නේ කතරගමින් පටන් අරගෙන දළදා මාලිගාවෙ පෙරහැරට පයින් එන්න පටන් අරගන්නවා, පෙරහැර ඉවර වුණාට පස්සේ පෙරහැර රාජකාරිය අවසන් කරලා ආපහු පයින් යන්න පටන්ගන්නවා. එතකොට ඒ පැත්තෙ ඉඳන් මේ පැත්තට එන්න මාස හයයි, මේ පැත්තෙ ඉඳන් ඒ පැත්තට යන්න මාස හයයි, පෙරහැර තියෙන දවස් කිහිපයයි ගත්තට පස්සේ වාසනාට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ පයින් යන එක හැරෙන්න. එතකොට ඇයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ? මේවායෙ තියෙන සාම්ප්‍රදායික බව හෝ මේවායෙ තියෙන විශ්වසනීය බව හෝ මේවායෙ තියෙන ගෞරවනීය බව හෝ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. සමාජය විසින් ප්‍රශ්න අහනවා. හැබැයි ඒවා හිතලු පමණක් විය හැකියි. මේ කිසිම කාරණාවක් හින්දා ඇතාට හෝ ඇතාව බලාගත්ත අයට හෝ ඇතා සම්බන්ධව වගකිව යුතු අයට හෝ යම් අසාධාරණයක්, හිත් රිදවීමක් ආදී යම් කිසි බලාපොරොත්තු නොවෙන නරක දෙයක් සිද්ධ වෙනවා නම් අපි සමාව ඉල්ලනවා. මොකද හේතුව මේවා අපි කියන දේවල් නොවන නිසා. සමාජ මාධ්‍යවල තිබුණු දේවල් හොයලා බලලා අපි මේ ගැන ලියන්න තීරණය කරපු නිසයි ඔබට මේ කතාව කියන්නේ.

ඔය විදියට අරගත්තම නැදුන්ගමුවේ රාජාගෙ සිරුරෙ තුවාලයක් තිබුණනෙ. මේ තුවාලෙ සුව කරන්න කවුරුවත් උත්සාහ කළේ නැද්ද? නැත්නම් මේ තුවාලෙ හොඳ කරන්න බැරුව තිබ්බද කියන එක සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ සතා මියගියේ කුණු ගොඩක. පින්තූර දකිද්දි නම් එහෙම හිතෙනවා. මේ සතා මියගිහිල්ලා තිබුණේ කොහෙ හරි අස්සක තැනක. එතකොට මේ සතාට නිසි ගෞරවය හම්බවුණාද නැද්ද? මේ සතාට අවශ්‍ය කරන බේත්හේත් ටික ලැබුණද නැද්ද? ඒ වගේම ඇතෙක් පෙරහැරක ගමන් කිරීම, නැත්නම් ඇතෙක් නුවරට ගමන් කිරීම සම්බන්ධව ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. මොකද මේ ඇතා ගමන් කරන්නේ වනාන්තරයක නෙවෙයි. ඇතකුට ගමන් කරන්න වනාන්තරය ඇතුළේ සාමාන්‍යයෙන් විශාල ඉඩකඩක් තියෙනවා. හීල් හෙවණෙ තුරුලතා මැද්දෙ ඇත්තු ගමන් කරනවා. සාමාන්‍යයෙන් අලි බලන, අලි දකින වනාන්තර ඇතුළේ සක්මන් කරන කරක්ගහන ගොඩක් අය දන්නවා අලියා එළියට එන්නේ කොයි වෙලාවටද කියලා. කොහොමත් කැලේ සතෙක් එළියට එන වෙලාවක් තියෙනවා. අලියෙක් ගිනිමද්දහනෙ එළියට ඇවිල්ලා දැඩි අවුකාෂ්ටකේ ඉන්නෙ නෑ. අලියෙක් සාමාන්‍යයෙන් එළියට එන වෙලාවක් තියෙනවා. පිනි පොදක් යන වෙලාවට නම් අලි හරි කැමැතියි එළියෙ ඉන්න. ඒ මොකද අලියා කියලා කියන්නේ පරිසරයට සංවේදී සතෙක්. එතකොට මේ ගිනි මද්දහනෙ අව් කාෂ්ටකේ රත්වෙච්ච තාර පාරෙ නුවරට එක්කගෙන යන නැදුන්ගමුවේ රාජාට කතා කරන්න පුළුවන් වුණා නම් ඇත්තටම මොනව කියයිද? ඒක ඔබ තීරණය කරන්න. අපිට හිතෙන දේ අපි කියන්නම්. වැරැදි නම් ඔබ ඔබේ හිතෙන් හිතාගන්න එහෙම වෙන්න බෑ කියලා. සමහර විට ඇතාට කතාකරන්න බැරි නිසා ඇතා මේ තාර පාරෙ නිරුවත් කකුල්වලින් අමාරුවෙන් පිච්චි පිච්චි ගමන් කරන්න ඇති. අවුකූටකේ යන්න එන්න ඇති.

හැබැයි එහෙම නැත්නම් ඇතාට අවශ්‍ය කරන වෙලාවට ඒ ගැන හිතලා බලලා අවශ්‍ය කරන කෑම බීම දීලා නුවර එක්කගෙන ගියා වෙන්නත් පුළුවන්. මොකද ස්ථිරවම අපි දන්නවා ඇතා නුවර එක්කගෙන යනකොට ඌට අවශ්‍ය වතුර ටික, කෑම ටික, නවාතැන් පහසුකම් සියල්ලම සංවිධාන වෙලයි තිබුණේ. ඒක ඉතා ආරක්ෂිතව, පැහැදිලිව සිද්ධ කළා. කොහොම නමුත් නැදුන්ගමුවේ රාජාගෙ මියයෑම මේ වෙනකොට යම් කිසි ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වෙමින් තියෙනවා. ඇතාගෙ මරණ පරීක්ෂණය සම්බන්ධවත් මේ භික්ෂුන්වහන්සේලා විසින් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම කවුරු හරි කෙනෙක් දකිනවා නම් වැරැදි දෙයක්, අපේ සම්ප්‍රදයට එල්ල කරන ප්‍රහාරයක් කියලා අපි ඒකට විරුද්ධයි. ඇතෙක් වටින්නේ දළදා කරඬුව වඩම්මවන නිසා නෙවෙයි. ඇතෙක් හෝ කුමන සතෙක් හෝ ඒ සතාට තියෙන සාමාන්‍ය අයිතිවාසිකම් ටික නැතිව ජීවත් වෙන්න සිද්ධ වුණා නම් ඒ සතා පව් කියන එක ගැන කිසි කෙනෙකුට තර්කයක් විතර්කයක් නෑ. ඒ වගේම සතෙක් ආරක්ෂා කරගැනීම කියලා කියන්නේ සත්ව හිමිකම් සම්බන්ධව සත්ව සංවිධානවලට හෝ සතුන් සම්බන්ධව ඉන්න නිලධාරීන්ට තියෙන වගකීමක් නෙවෙයි. ඒක කොන්දේසි විරහිතව මනුෂ්‍යයා සතුව තියෙන වගකීමක්. මොකද අද සතුන්ට හානි කරනවා නම් හානි කරන්නේ මිනිස්සුනේ.

හරි, ඒ කතාව ඉවරයි. දැන් අපි කතා කරමු මේ විදියට පුරාවෘත්තයක් බවට පත්වුණු සද්දන්තයන් මීට කලිනුත් සමුඅරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අතර හිටපු එක කෙනෙක් තමයි ‘රාජා ඇතා’. රාජා ඇතත් මේ විදියටම සමුඅරගෙන ගියා. ඒ සතාගෙ සිරුර මේ වෙනකොට දළදා මාලිගාවේ එක්තරා කොටසක තියෙන සංරක්ෂණාගාරයක සම ඉවත් කරලා ඇතුළට යම්කිසි දෙයක් පුරවලා ඇතාගෙ සද්දන්ත ශරීරය අපට දැකබලාගන්න පුළුවන් විදියට ඒ සතා වෙනුවෙන්ම වෙන් කළ කුටියක තැන්පත් කරලා තියෙනවා. ඒ සතාගෙ මතක සටහනුත් ඒ කුටිය තුළ තැන්පත් කරලා තියෙනවා. එතකොට නැදුන්ගමුවේ රාජාටත් එහෙම දෙයක් වෙනවද? එහෙම දෙයක් වුණත් නැතත් අපි දන්නවා පුරාවෘත්තයක් බවට පත්වුණු මේ සත්තු අපේ ඉතිහාසෙ, අපේ හදවත ඇතුළේ පවා රැඳිලා තියෙනවා. එතකොට ඊළඟට කවුද දළදා පෙරහැරේ වීරයා බවට පත්වෙන්නේ? ශ්‍රී ලංකාවේ හීලෑ ඇත්තු අතර රජ්ජුරුවො බවට පත්වෙන්නේ කවුද? මේ සම්බන්ධව සත්තු කිහිප දෙනකුගෙම නම් කියැවෙනවා. ඒ අතර විශේෂයෙන් ඉදිරියෙන්ම ඉන්න තුන්දෙනෙක් තමයි කතරගම දේවාලයේ වාසනා, දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්න සිංහ රාජා සහ ඉන්දි රාජා යන ඇත්තු තුන්දෙනා. කතරගම දේවාලයේ වාසනා, කතරගම දේවාලෙට අයිති සතෙක්. හැබැයි කතරගම දේවාලෙ වාසනා කතරගම දේවාල පෙරහැරේ ප්‍රමුඛස්ථානයේ ගමන් කරනවා, දළදා පෙරහැරෙත් බොහෝ අවස්ථාවල කරඬුව වඩම්මවන ලද සතෙක්.

වාසනා අභිභවමින් ඉදිරියෙන් ඉන්න අනෙක් දෙදෙනා තමයි සිංහ රාජා සහ ඉන්දි රාජා කියලා කියන්නේ. සිංහ රාජා තමයි ලංකාවෙ ඇත් පන්තියේ ඉන්න නිහඬ වීරයා. සිංහරාජා කලබලකාරයෙක් නෙවෙයි. සිංහ රාජා බොහොම නිස්කාංසුවේ, නිවාඩුපාඩුවෙ පෙරහැර කටයුතුවලට සහභාගි වෙමින් ඕනෑම දුෂ්කර අවස්ථාවක පෙරහැර පවත්වාගෙන යෑමට උදව් වෙමින් ඉන්න සතෙක්. ඉන්දි රාජා කියන්නේ ඊට වඩා වෙනස් කෙනෙක්. ඉන්දි රාජා කලබලකාරයෙක්. දඩබ්බරයෙක්. හැබැයි හැන්ඩියෙක්. ඒ කියන්නේ ඉන්දි රාජා හොඳ පෙනුම තියෙන සතෙක්. ඉන්දි රාජා සහ සිංහ රාජා තමයි අදටත් දළදා පෙරහැරේ වැඩි වාර සංඛ්‍යාවක් දළදා කරඬුව වටම්මවන්නේ. නැදුන්ගමුවේ රාජා සමහර විට නැදුන්ගමුවේ සිට නුවරට ගිහිල්ලා එක වතාවකට හෝ දෙවතාවකට හෝ වඩා කරඬුව වඩම්මවන්නෙ නෑ. ප්‍රධාන වශයෙන් රන්දෝලි පෙරහැරවල කරඬුව වැඩමවීම විතරයි නැදුන්ගමුවේ රාජා විසින් සිදුකරන්නේ. රන්දෝලියට අමතරව බොහෝ පෙරහැරවල මේ කරඬුව වැඩමවීමේ කටයුතු පැවරෙන්නේ සිංහ රාජාට හෝ ඉන්දි රාජාට. බොහෝ අවස්ථාවලදී සිංහ රාජා විසින් අවශේෂ පෙරහැරවල කරඬුව වැඩමකරවීමේ කටයුතු සිදුකරනවා. ඒ අතර තියෙන සුවිශ්ෂ පෙරහැරවල නැදුන්ගමුවේ රාජා නැත්නම් කරඬුව වැඩමවීම පැවරෙන්නේ ඉන්දි රාජාට. හැබැයි ඉන්දි රාජා මොකක් හරි දඩබ්බර වැඩක් කරලා පෙරහැර කරඬුව වැඩම කරවීම නොකර සිටියොත් වහාම දළදා පෙරහැරට අදාළ කණ්ඩායම විසින් ඒ සඳහා උදව්වට එක්කගෙන එන්නේ සිංහ රාජාව. සිංහ රාජා කිසිම පැකිලීමකින් තොරව කිසිම චෝදනාවකින් තොරව ඉතා පහසුවෙන් මේ වැඩේට නම්මගන්න පුළුවන් කෙනෙක්. කොහොම නමුත් ඇත් පන්තිය සද්දන්තයන්ගෙ කතාව ඊළඟ සතියක ඔබට කියන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්….

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රට වෙනස් කළ 18 සියවස…

Next Post

ජනාධිපති ග්ලාස්ගෝ ගිහින් කියපු බොරුවක් රාසමාණික්කම්ටයි-කාවින්දටයි ඉන්දුනීසියාවේදී අහුවෙලා! (VIDEO)

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.