ඉන්දියාවෙන් ලබා දෙන ඩොලර් බිලියනයක ණය මුදලින් ගෙන්වන බඩු භාණ්ඩ ‘හෝම් ෂොප්’ නමින් හැදින්වෙන පොහොට්ටු සාමාජිකයන් විසින් පවත්වාගෙන යනු ලබන කඩ 14,000ක් හරහා ගමට ලබා දීමේ දේශපාලන වැඩපිළිවෙළක් ආණ්ඩුව සකස් කොට ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම කඩ ඉදිකිරීම සදහා ලක්ෂ 8ක මුදලක් එම පොහොට්ටු සාමාජිකයන්ට ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්, එම බඩු මිලදී ගැනීම සදහා පොහොට්ටුවේ සාමාජිකයන්ට රුපියල් 2000ක කූපනයක්ද ලබා දීමට සැලසුම් කර ඇති බවකි.
මේ හරහා ආණ්ඩුව ජීවන බරීන් මිරිකී සිටින සමස්ත රටවැසියන් තවත් පීඩාවට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්, මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බවත් විපක්ෂනායකවරයා කියා සිටියේය.










