ලබන 27 වැනිදා නුගේගොඩ පැව්තීමට නියමිතව තිබූ ‘විමල් සුළඟ’ රැලිය අත්හිටුවීමෙන් පසු මැයි පළමු දිනට යෙදෙන කම්කරු දිනයේදී දැවැන්ත මැයි රැලියක් සංවිධාන කිරීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක කණ්ඩායම තීරණය කොට ඇත.
මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්වීමට මේ වනවිටත් කැමැත්ත පළ කොට ඇති බවක් දැනගන්නට තිබේ.
ඒ අනුව මැයි පළමු දින දැවැන්ත ආණ්ඩු විරෝධී පෙළපාලියක් සහ මැයි රැලියක් පැවැත්වීමට විමල් පිල තීන්දු කර ඇති බව වාර්තා වේ.










