ලබන සැප්තැම්බරයේදී ලංකාවට එරෙහිව බරපතළ යෝජනාවක් සම්මත වීමේ අවදානමක් මතුව ඇති බව විදේශ අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් දැන් තියාම ඊට මුහුණ දීම සදහා ආණ්ඩුව විද්වතුන් සහ සමීප රටවල් සමග සාකච්ජා ආරම්භ කොට ඇති බව ඒ මහතා සදහන් කරයි.
මේ බව අප මීට පෙර අවස්ථා ගණනාවකදීම මව්රට වෙබ් අඩවිය ඔස්සේත්, මව්රට පුවත්පත ඔස්සේත්, රාජ්‍ය රහස් තීරය ඔස්සේත් මේ බව අනාවරණය කිරීමට පියවර ගත්තෙමු.










