ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත .
ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාවක් පත්කර ඇති අතර ,එම සභාවට උපදෙස් දීම සදහා මෙම විශේෂඥ කමිටුව පත් කර තිබේ .
ඊට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇතුලු, ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, අෂ්රෆ් ඔමාර් ඇතුලු පිරිසක් පත් කොට ඇත.
මෙම උපදේශක කමිටුවට විශ්ව විද්‍යාල ආචාර්ය , මහාචාර්යවරුන් ඇතුළු ආර්ථික විශේෂඥයෝ පිරිසක් පත් කරනු ලැබ සිටිති මේ අතර ,ජාතික ආර්ථික සභාව පළමු වරට ඊයේ (14)රැස් වූ අතර, එම සභාව අද පෙරවරුවේ ද යළි රැස්වීමට නියමිතය.
මහාචාර්ය එච්.වී කරුණාරත්න, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ආචාර්ය දුෂ්නි වීරකෝන්, ධම්මික පෙරේරා, ක්‍රිෂාන් බාලේන්ද්‍ර, අෂ්රෆ් ඔමාර්, ආචාර්ය හාන්ස් විජේසූරිය, විශ් ගෝවින්දසාමි, එස්. රෙංගනාදන්, රංජිත් පේජ්, සුරේෂ් ද මෙල්, ප්‍රභාෂ් සුබසිංහ, දුමින්ද හුලංගමුව, සුජීව මුදලිගේ යන මහත්ම මහත්මීන් 14 දෙනෙකු මේ සඳහා පත්කිරීමට ජනාධිපති ජනාධිපති ගෝඨාභව රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.
ජාතික ආර්ථික සභාව සඳහා මෙම විශේෂඥ කමිටුවේ නියෝජිතයෝ ද සහභාගි වීමට නියමිතය










