• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ආණ්ඩුව හදපු ජීවන වියදමට මෙන්න අපි හදපු ජීවන වියදම!

March 15, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව හදපු ජීවන වියදමට මෙන්න අපි හදපු ජීවන වියදම!
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක ලංකාවෙ සාමාන්‍ය පුරවැසියෙක්ගෙ මාසෙ වියදම සම්බන්ධව විවිධ කතාබහවල් ඇතිවුණා. මේ කතාබහ අතරෙ ඉදිරියෙන්ම තිබුණේ බන්දුල ගුණවර්ධන මහත්තයා රුපියල් 2,500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කියපු කතාව. බන්දුල ගුණවර්ධන මහත්තයගෙ කතාව අදට අදාළ නොවෙන්නේ එතුමා මේක කිව්වේ බොහොම කාලෙකට කලින් හින්දා. ඒ නිසා මේ ගණන් හැදිල්ල බන්දුල මහත්තයගෙ කතාවට අදාළ නෑ. හැබැයි බන්දුල මහත්තයගෙ කතාවට අදාළ නැති වුණාට පහුගිය දවසක එළියට ආපු ගණන් හිලව්වලට මේ කතාව අදාළයි. අපි ඒවත් එක්ක සංසන්දනය කරන්නවත්, ඒවා අඩුද වැඩිද කියන්නවත් යන්නෙ නෑ. අපි තීරණය කළා මාසික වියදම දළ වශයෙන් ගණනය කරන්න හතර දෙනෙක් ඉන්න පවුලකට. හතර දෙනෙක් ඉන්න පවුලක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරක ඉන්න පුළුවන් ප්‍රමාණය අම්මා, තාත්තා, දුව, පුතා තමයි අපි හදාගත්ත ආදර්ශ පවුල. මේ වගේ පවුලක මාසික වියදම කොහොමද කියලා අපි බලමු. එතකොට මේ වියදම් ගණන් හැදිල්ලෙදි ඒ ගෙදර අයට තවත් දරුවෙක් ලැබුණොත්, එහෙම නැත්නම් ඒ ගෙදර පූසෙක් බල්ලෙක් හිටියොත්, වෙනත් වියදම් තිබුණොත් ඒකත් අපට ගණන් හදන්න සිද්ධ වෙනවා. මේ රටේ කිසිම නීතියක් නෑනෙ ගෙදරක බල්ලෙක් පූසෙක් හදන්න බෑ කියලා.

සාමාන්‍යයෙන් ගෙදරක මාසෙකට හාල් කිලෝ 24ක් විතර අවශ්‍ය වෙනවා කියලා තමයි අපි හොයාගත්තේ. එතකොට හාල් කිලෝවක මිල රුපියල් 150ක් විදියට දළ වශයෙන් හිතුවොත්, බොහෝ විට 150ට වැඩියි. රුපියල් 3,600ක මුදලක් වැයවෙනවා මාසෙකට. පොල් ගෙඩි 30ක් විතර මාසෙකට යනවා. රොටියක් පිච්චුවොත්, පිට්ටු ටිකක් තැම්බුවොත් තවත් පොල් ටිකක් වියදම් වෙනවා. පොල් ගෙඩි 30ක් පොල් ගෙඩියක් රුපියල් 70 ගානෙ ගණන් හැදුවොත් එහෙම රුපියල් 2,100ක මුදල් ඔවුන්ට මාසෙකට වියදම් වෙනවා. සාමාන්‍යයෙන් පොල් ගෙඩි 30ක් වියදම් වෙන එක, ඊට වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම පොල් ගෙඩියක මිල රුපියල් 70යි කියලා අපි ගණන් හැදුවෙ මිල අඩුම පොල් ගෙඩියක් විදියට සලකලා. සාමාන්‍යයෙන් ගෙදරකට මිරිස් කුඩු ග්‍රෑම් 400ක් විතර මාසෙකට වැය වෙනවා. මේ මිරිස් කුඩු වියදම් වෙන්නේ මිරිස් කුඩු විශේෂයෙන් දාලා හදන අච්චාරුවකට හෝ මොනව හරි ව්‍යංජනයකට මිරිස් කුඩු ටිකක් වැඩිපුර දැම්මොත් එහෙම, සාමාන්‍යයෙන් අඹ ගෙඩියක් කන්නත් අපේ අය මිරිස් කුඩු ටිකක් ගන්නවනෙ. එහෙම නැතුව මාසෙකට මිරිස් කුඩු ග්‍රෑම් 400ක් විතර වියදම් වෙනවා. ඒ සඳහා රුපියල් 500ක් වගේ වැය වෙනවා. කෑලි මිරිස් ග්‍රෑම් 400ක්, රුපියල් 450ක්. මේක වියළි මිරිස් එහෙම ගත්තොත් මේ මුදල දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. අපි එහෙම දෙයක් ගන්නෙ නෑ කියල හිතලයි මේ ගාන හදන්නේ. සමහරු නම් ඉතින් පපඩමක්, මිරිස් කරලක් බැදලා කන පුරුද්දක් තියෙනවා. ඒවා කිසිම දෙයක් නිතුවයි මේ ගණන් හදන්නේ. අත්‍යාවශ්‍ය අවම කෑම බීමවල මිල.

ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් කියල ගණන් හැදුවට කිලෝ එකයි ග්‍රෑම් 200ක් විතර වැය වෙනවා කියනවා මාසෙකට. එතකොට රුපියල් 120ක මුදල් මේ සඳහා වැය වෙනවා. සීනි කිලෝ 4ක්. ඒ කියන්නේ රුපියල් 560ක්. තේ කුඩු ග්‍රෑම් 400ක්. ඒ කියන්නේ දළ වශයෙන් රුපියල් 500ක විතර මුදලක්. බී ලූනු කිලෝ 4ක්. රුපියල් 560ක මුදලක් තමයි සාමාන්‍යයෙන් බී ලූනු කිලෝ 4කට වැයවන මුදල. සාමාන්‍යයෙන් ගෙවල්වලට සුදු ලූනු එහෙමත් උවමනා වෙනවා. සුදු ලූනු අර තරම් නැතත් සාමාන්‍යයෙන් කිලෝ එකක විතර ප්‍රමාණයෙන් ගෙදරකට මාසෙකට වැය වෙද්දී ඒ සඳහා රුපියල් 500ක පමණ මුදලක් වැය කරන්න වෙනවා. උළුහාල් ග්‍රෑම් 400ක් විතර මාසෙකට වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් 100ක් විතර. සාමාන්‍යයෙන් ගෙවල්වල ඉතින් බත්ම කන්නෙ නෑනෙ. රොටියක් එහෙමත් පුච්චගෙන කනවා. සමහර වෙලාවට පිට්ටු ටිකක් තම්බගෙන කනවා. මොනව හරි පාන් පිටි සම්බන්ධ දේවල් ගෙවල්වල හදනවා. එතකොට පාන් පිටි කිලෝ 8ක් විතර මාසෙට පාවිච්චි කළොත් රුපියල් 1,200ක මුදලක් වැය කරන්න වෙනවා. නූඩ්ල්ස් පැකට් 2ක් වත් මාසෙකට හදන්න වුණොත් රුපියල් 300ක් වැය වෙනවා. මේ සියල්ලටම පොල් තෙල් බෝතල් 4ක් විතර මාසෙකට වැය වෙනවා. ඒ සඳහා රුපියල් 2000ක විතර මුදලක් වැය වෙනවා.

පොල් තෙල් එච්චර කන්න හොඳ නැති බව ඇත්ත, ඒත් පොල් තෙල් ටිකක් වැඩිපුර වැය වෙනවා. එළවළු මොනව ගත්තත් එළවළු කිලෝ 10ක් විතර සාමාන්‍යයෙන් මාසෙකට කනවා. මේ එළවළු කිලෝ 10ක් කියලා කියන්නේ ලොකු ගණන්වල එළවළු නෙවෙයි, මිල අඩු එළවළු වර්ග. එළවළු කිලෝ 10ට රුපියල් 2,500ක් විතර වැය කරන්න වෙනවා දළ වශයෙන්. කිලෝව රුපියල් 300 – 350 එළවළු වර්ගත් නැතුව, කිලෝව රුපියල් 100 – 150 එළවළු වර්ගත් නැතුව අපි රුපියල් 250 කියන දළ සාමාන්‍යයට ආවා. මාළු කිලෝ 2ක් වත් අඩුම තරමට සාමාන්‍ය ගෙදකර මාසෙකට කනවා. ඒ කියන්නේ මේ සල්ලිකාරයො ඉන්න ගෙදරක නෙවෙයි, අහිංසක දුප්පත් ගෙදරක. මාළු කිලෝ 2ක් කිව්වේ ඉතාම සාමාන්‍ය මාළු. ඒ කියන්නේ හුරුල්ලො, සාලයන්ගෙන් එහාට ගිය, ඇටවල්ලො, ලින්නො වගේ මාළු ටිකක් කෑවොත් සාමාන්‍යයෙන් රුපියල් 1,500ක වගේ මුදලක් ගෙදරකට වියදම් වෙනවා. මස් කිලෝ 2ක් වත් අඩුම තරමේ මේ දවස් 31 ඇතුළේ කෑවොත්, මස් කිලෝ 2ක් කිව්වට වේල් 4කට 5කට වඩා ගන්න බෑ. හැබැයි මස් කිලෝ දෙකක මිල රුපියල් 1,500යි. බිත්තර 40ක් වත් කෑවොත් ඒ කියන්නේ 4 දෙනෙක් ඉන්න පවුලක එක වේලකට බිත්තර 4ක් කාලා, වේල් 10ක් වත් බිත්තර කෑවොත් රුපියල් 1000ක්. කිරි පිටි පැකට් 4ක් වත් මාසෙකට වියදම් වෙනවා සාමාන්‍යයෙන්. කිරිපිටි බොන්න හොඳ නෑ කියලා තර්කයක් තියෙනවා. හැබැයි ඉතින් මිනිස්සු කිරිපිටි බොනවනෙ. කිරිපිටි පැකට් 4කට රුපියල් 1,600ක විතර මිලක් වැය වෙනවා. මේ 1,600 කියලා කියන්නේ ඉතාම අඩුවෙන් මිල කරලා. මොකද දැන් කිරිපිටි එකක් රුපියල් 1,600කට බොන්න අමාරුයි. ඒ වගේම කිරිපිටි හොයාගන්නත් දැන් අමාරුයිනෙ.

පරිප්පු කිලෝ 2ක් රුපියල් 500යි. අල කිලෝ 2ක් රුපියල් 320ක් විතර වෙනවා සාමාන්‍යයෙන්. රෙදි සෝදන සබන් කැට 6ක් රුපියල් 400ක් විතර වෙනවා. ඇඟේ ගාන සබන් කැට 4ක් ගත්තොත් රුපියල් 300ක්. දත් බෙහෙත් එකක් රුපියල් 150ක්. කරවල කිලෝ 2ක් රුපියල් 1,500ක් විතර වැය වෙනවා. දැන් මේ ගණන් හැදිල්ල අනුව අපි දළ වශයෙන් අනුමාන කළොත් රුපියල් 23,760ක විතර මුදල් වියදම් වෙනවා මාසිකව ගෙදරක කෑම බීම ඇතුළු සාමාන්‍ය උවමනාවන් ටිකට විතරක්. එතකොට මේ මිනිස්සු අඩුම තරමෙ බස් එකකවත් ගියොත්, එක දවසක්වත් ත්‍රීවිල් එකක ගියොත් ඒ මුදල? ඒ වගේම බයිසිකලයක් වත් තිබුණොත් ඒකට ගහන තෙල්වල මුදල, ඒ වගේම බයිසිකලය සර්විස් කරන මුදල, අලුත්වැඩියාවකට වැය වෙන මුදල, ගෙදරක විදුලි බිල සාමාන්‍යයෙන් රුපියල් 750ක් 800ක් වත් වෙනවා සාමාන්‍ය ගෙදරක. අපි මේ ගණන් හදලා තියෙන්නේ ගෑස් නැති, භූමිතෙල් නැති, විදුලි උදුනක් වත් නැති ගෙයක් කියලා හිතලා. ගෑස් නැති හින්දා මේ ගෙදර දර තමයි භාවිත කරනනේ. ගෑස් භාවිත කරන්න වුණොත් මේකට තවත් මුදලක් එකතු කරන්න වෙනවා. සාමාන්‍යයෙන් ගෑස්වලට මාසිකව රුපියල් 450ක විතර මුදලක් වැය කරන්න වෙනවා. මේ බෙදලා හදලා ගත්තට පස්සේ. හැබැයි ගෑස් නෑ කියලයි අපි මේ විදියට ගණන් හැදුවේ.

බස් එකක ගියොත් මාසිකව රුපියල් 1000-1,500ක මුදලක් වැය කරන්න වෙනවා. මේගොල්ලන්ට මඟුල් ගෙදරක් අඩුම තරමෙන් මාසෙකට එකක් වත් ආවොත් රුපියල් 2,000ක් 3,000ක් වත් වියදම් කරන්න වෙනවා. ගෙදර මනුස්සයෙක් ලෙඩ වුණොත් ඒ ලෙඩාට බෙහෙත් ටික ගන්න රුපියල් 500ක් 1000ක් වගේ වැය වෙනවා. ඉස්පිරිතාලෙන් බේත් ටික ගන්න බැරිව ගිහින් පුද්ගලික තැනකින් බේත් ගන්න රුපියල් 1000ක් 1,500ක් වියදම් වුණොත් අපේ සම්පූර්ණ මුදල රුපියල් 27,000 – 28,000 දක්වා වැඩි වෙනවා. එතකොට මේ වැඩිවෙන මුදලට තව ගොඩක් දේවල් එකතු වෙන්න පුළුවන්. සමහර වෙලාවට මිනිස්සුන්ට කරදර එන්නෙ කියලා නෙවෙයිනෙ. ගෙදරක බල්ලෙක් පූසෙක් ඉන්නව නම් ඒ සතාට කෑම බීම දෙන්න වියදම් කරන්නත් වෙනවා. එතකොට ඒකටත් වියදම් කරන්න වෙනවා. එළියෙන් ගිහින් එක දවසක් හරි කෑවොත් තවත් රුපියල් දෙතුන් දාහක් එකතු වෙනවා. මේ විදියට විවිධ මට්ටම්වලින් මිල එකතු වෙන්නේ මේ මිනිස්සු ඇඳුමක් අරගෙන නෙවෙයි. මේ මනුස්සයෙක් ඇඳුමක් ගන්නේ කොයි මාසෙද? හැම මාසෙම මිල මේ විදිය වුණොත් ඇඳුමක් පැලඳුමක් ගන්න එක ප්‍රශ්නයක් වෙනවා. ගෙදරක දරුවෙක් ඉන්නව නම් ඒ දරුවගෙ අධ්‍යාපන වියදම, දරුවෙක්ගෙ මාසික පන්ති ගාස්තුව රුපියල් 1,500ක් හෝ 2,000ක් විතර වෙනවා උසස් පෙළ දරුවෙක්ට. විෂයන් තුනටම පන්ති ගියොත් එහෙම රුපියල් 4,500ක් විතර වැය වෙනවා. එතකොට දුරකතන බිල, ඩේටා බිල, ගෙදර ලෑන්ඩ් ෆෝන් බිල කියන මේ සියල්ලම එකතු වෙන්න ඕනෙ මේ ජීවන වියදමට. එහෙම ජීවන වියදමට එකතු වුණාම සම්පූර්ණ මුදල රුපියල් 35,000 – 40,000ක් විතර වෙලා. මේ මුදල මේ විදියට වැඩි වෙන්නේ ඉතාම සාමාන්‍ය පවුලක සාමාන්‍ය වියදම විදියට.

ඇල්ටො කාර් එකකට හැමදාම ගමන් බිමන් යන්න වියදම් වෙන මුදල රුපියල් 25,000ක් විතර වෙනවා තෙල් ගහන්න. ඇල්ටො එක උදාහරණයට ගත්තේ ඒකෙ ඉතාම සකසුරුවම්ව තෙල් පාවිච්චි වෙන හින්දා. මේක වැගන් ආර් එකක් හරි හයිබි්‍රඩ් එකක් හරි නම් මීට වඩා පොඩ්ඩක් මිල අඩු වෙන්න පුළුවන්. හැබැයි වැගන් ආර් එකකට හරි හයිබි්‍රඩ් එකක හරි අමතර කොටසක් දාන්න වුණොත් යන වියදම ඊට වඩා ගොඩක් වැඩියි. වාහනේ ටයර් දෙකක් මාරු කරන්න වුණොත් ඒ සඳහා ඉතාම මිල අඩු ටයර් දෙකක මිල රුපියල් 20,000 – 25,000ක් විතර වෙනවා. වාහනේ මාස 3කට වරක් ෆුල් සර්විස් එකක් කළොත් ඒ සඳහා දැන් වියදම් වෙනවා රුපියල් 9,000ක් විතර. ඒ කියන්නේ මාසෙකට වාහනේ සර්විස් එක සඳහා වෙන් කරන්න ඕනෙ මුදල රුපියල් 3,000යි. ඒ විදියට අරගත්තට පස්සේ මිනිහෙක්ගෙ ජීවන වියදම රුපියල් 45,000 – 50,000 දක්වාම ඉහළ යනවා. ඒ නිසා මනුස්සයෙකුට මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය මුදල විදියට අපි හදන මේ ගණන් හැදිල්ල කිසි සේත්ම සාර්ථක නෑ.

ගෙදරට පලතුරු ටිකක්, චීස් ටිකක්, අයිස්ක්‍රීම් එකක්, යෝගට් ටිකක්, සොසේජස් පැකට් එකක් අරගෙන ආවොත් මේ මිල තවත් ඉහළ යනවා. මේ විදියට ගෙදරක අවශ්‍යතාවල් ඉෂ්ට කරගන්න ගියාම සමහර වෙලාවට වේෆරයිසර්, මදුරු කොයිල් ගේන්න වෙනවා. ෆෝන් එකට චාර්ජර් එකක් ගන්න වෙනවා. සමහර වෙලාවට ගෙදර ලයිට් එකක් පිච්චෙනවා. දැන් මේ පාවිච්චි කරන බොහෝ විදුලි බුබුළු ඉතා බාල මට්ටමේ ඒවා. සාමාන්‍යයෙන් හොඳ එල්.ඊ.ඩී. බල්බ් එකක මිල රුපියල් 800ක් විතර වෙනවා. රුපියල් 800ක බල්බ් එකක් මාස තුන හතරක් පාවිච්චි කරන්න පුළුවන් වුණාට මේ රුපියල් 150 බල්බ් එකක් එහෙම පාවිච්චි කරන්න බෑ. ඒ විදියට අරගත්තට පස්සේ මනුස්සයෙක්ගෙ ජීවන වියදම ගැන රුපියල් 5,000ට 6,000ට ගණන් හදපු මහත්තුරු මොන ඉටි ගෙඩියක් දන්නවද කියලා අපට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මොකද මිනිස්සු ගේ ඇතුළට වෙලා නිකම්ම කාලා බීලා ඉන්නව නම් විතරක් අර අපි ගණන් හදපු විදියට ඒ මුදල වියදම් වෙනවා ස්ථිරවම. ඒ කියන්නේ අඩුම තරමෙන් හඳුන්කූරු පැකට් එකක් වත්, මදුරු කොයිල් එකක් වත් ගන්නෙ නැතුව. සමහර ගෙවල්වල සිගරට් බොන එක, ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චිය ඉතා ඉහළින් සිද්ධ වෙනවා. අඩුම තරමෙන් අරක්කු බෝතලයක් මාසෙකට පාවිච්චි කළොත්, සිගරට් පැකට් එකක් පාවිච්චි කළොත් මේ මිල කොච්චර වැඩි වෙනවද? අපට පන්සිල් පද පහ කියලා, මස් කන්න එපා, අරක්කු සිගරට් බොන්න එපා, දුසිරිතෙන් තොරව ජීත් වෙන්න කියලා කිව්වොත් ඒවා ඔක්කොම හරි. හැබැයි මේ ගණන් හැදිල්ල ඊටත් වඩා හරි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සජබෙ ජ්‍යෙෂ්ඨයන් සජිත් එක්ක මහ රෑ රැස්ව විරෝධතාව ගැන අවසන් තීන්දු ගනී! ලක්ෂ 3 පන්නන ජනතාවක් පෙළපාලි 2කින් කොළඹට! EXCLUSIVE VIDEO

Next Post

පොහොට්ටු මන්ත්‍රීගෙන් ලෝක හෙළිදරව්වක්! තෙල් ගෑස් පෝලිමේ තියෙන්නේ අපේ විතරක් නෙමෙයිලු! අමෙරිකාවේ-එංගලන්තේ-නවසීලන්තේ ‌ගොඩක් රටවල එහෙමලු! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.