’69 ලක්ෂයේ ජනවරම’ දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකුල නොවන බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.
අද(14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවැසුවේය.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද(14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කරන බව ද ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.
ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරමට පිටුපෑමට මෙන්ම එම ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ නායකයන් දෙපළක් ජනාධිපතිවරයා සිය බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර සිදුකර ඇති ක්‍රියාව කිසිසේත්ම පිළිගත නොහැකි වීම, එමගින් මතුව ඇති ජනතා ප්‍රසාදය සුළුපටු එකක් නොවීම, ගොවි ජනතාවගෙන් සහ සෙසු ජනකොටස්වලින් ආණ්ඩුවට එල්ල වී ඇති බලවත් විරෝධය යන කරුණු හේතුවෙන් තවදුරටත් ඉහත කී තනතුර දැරිය නොහැකි බව ද මෙහිදී නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා අවධාරණය කළේය.











