ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කාන්තාවන් 8 දෙනකු සහභාගී වී උත්සවයකට සහභාගී වීය.
ඒ සම්බන්ධයෙන් අලහප්පෙරුම මහතා තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.
ජාත්‍යාන්තර කාන්තා දිනය සැමරීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙසට සහභාගී වීමට ඇරයූම් ලැබීම පෞද්ගලිකව මා ලැබූ භාග්‍යයක්.
එහිදී දිවයිනේ විවිධ ක්ෂේත්‍රවල දස්කම් විස්කම් දැක්වූ අපගේ ප්‍රවීණ සහෝදරියන් අට දෙනෙක්, එක් අයෙකුට මිනිත්තු අට බැගින් කාලය ලබාගෙන, තමන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව නම් ක්‍රියාත්මක කරන්නට සැලසූම් කරන ප්‍රතිපත්ති සැකෙවින් සභාව හමූවේ තැබූවා.
මෙම චිචිත්‍රවත් උළෙල මා හට ප්‍රබෝධාත්මක අනූප්‍රාණයක් ගෙන දූන් වින්දනීය සැන්දෑවක් වූවා.











