• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජයේ තෙල්-විදුලිය කැපේ! මැතිඇමැතිගොල්ලන්ගේ නොකැපේ! අනිත් අයගෙ හොඳටම කැපේ! මෙන්න චක්‍රලේඛය උඩ ඉඳන් යටට!

March 9, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රජයේ තෙල්-විදුලිය කැපේ! මැතිඇමැතිගොල්ලන්ගේ නොකැපේ! අනිත් අයගෙ හොඳටම කැපේ! මෙන්න චක්‍රලේඛය උඩ ඉඳන් යටට!
Share on WhatsAppShare on Facebook

ඩොලර් හිඟය හමුවේ රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා නිර්දේශ ඇතුළත් කරමින් රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ .

නිල රථ හිමි මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සදහා දැනට ලබාදෙන නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම අත්හිටුවීමට ද එමගින් යෝජනා කර ඇත .

පිටපළාත්වල නිලධාරීන් රැස්වීම් සහ සාකච්ඡා සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලවලට කැඳවීම සීමා කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් ඔවුන් කැදවීම හා එසේ කැඳවන දිනවලදී සම්පූර්ණ දිනයම රැස්වීම් කිහිපයක් සදහා භාවිත කරන ලෙසත්, එමගින් උපදෙස් දී ඇත.

හැකි සෑම විටම සාකච්ඡා හා රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙස ද එමගින් උපදෙස් දී තිබේ.

අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පිටපළාත් නිලධාරීන් කොළඹට පැමිණීම අවශ්‍ය වන්නේ නම් ,තනි නිලධාරීන් එක් එක් වාහනය භාවිත කිරීම වෙනුවට කණ්ඩායමක් එකම වාහනයකින් කැදවන ලෙස ද උපදෙස් දී ඇත .

රැස්වීම් සහ සාකච්ඡා ,වාහන තදබදය අඩු වේලාවලදී සංවිධානය කරන ලෙසත් තැපැල් රැගෙන ඒම, ලිපි බෙදාහැරීම් ආදී කටයුතු සඳහා කාර් ,වෑන් රථ වෙනුවට යතුරුපැදි, පා පැදි හා ත්‍රීරෝද රථ ආදී වාහන භාවිත කරන ලෙසත් උපදෙස් දී ඇත.

සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා, තෝරාගත් ඉන්ධනහල්වල ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන ලෙසත් , ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් ගේ හා පොලිසිය අධීක්ෂණය යටතේ ඒවා ලබා දෙන ලෙසත් උපදෙස් දී ඇත .

මේ අතර රාජ්‍ය ආයතනවල ප ව 2:30 සිට පස්වරු 4.30 දක්වා පැය දෙකක කාලයක් වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කරන ලෙසත්, වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට හැකි සෑම විටම විදුලි පංකා භාවිත කරන ලෙසත් උපදෙස් දී ඇත.

නියමිත කාර්යාල වේලාවෙන් පසුව කාර්යාල වසා තැබීමට පියවර ගන්නා ලෙසත් , සති අන්ත දිනවල අත්‍යවශ්‍ය හා කල්දැමීම අපහසු අවස්ථාවලදී හැර,අනෙකුත් සෑම අවස්ථාවකදීම කාර්යාල වසා තබන ලෙසත් උපදෙස් දී ඇත .

විදුලි සෝපාන භාවිතය අඩු කරන ලෙස හා හැම හැකි සෑම විටම පියගැටපෙළ පාවිච්චි කරන ලෙසත්, අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙසත් එමගින් උපදෙස් දී ඇත.

පළාත් පාලන ආයතන මගින් පාලනය වල වීදි ලාම්පු අනවශ අවස්ථාවලදී නිවා දමන ලෙසත්, ආධි ආරක්ෂිත සහ ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග වල හැර අනෙකුත් සියලුම මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දමන ලෙසත් එම නිර්දේශ මාලාවෙන් යෝජනා කර ඇත .

SendShareShare
Previous Post

බයිඩන් පුටින්ගේ ඔළුවටම ගහයි! රුසියාවේ ඉන්ධන ගෑස් සහ ගල්අඟුරු එපා කියයි!

Next Post

සියලු දෙනාට අමතක වෙද්දි කාන්තා දිනයේදී සජිත් කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී හඬ නගයි! (VIDEO)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.