රුසියාවෙන් ඉන්ධන ගෑස් සහ ගල්අගුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර ඇත.
ඒ යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට දක්වන ආර්ථිකමය ප්‍රතිචාර තවත් වේගවත් කරමිනි.
ඒ අනුව රුසියානු තෙල් තවදුරටත් අමෙරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවත් පුටින්ට වඩා බලවතුන් සමග අමෙරිකාව ඉදිරියේදී කටයුතු කරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසීය.
මේ අතර යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යය ද රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීමට තීරණය කර ඇත.
කෙසේවෙතත් එම තහනම බලාත්මක වීමට නියමිතව ඇත්තේ මෙම වසර අවසානයේ සිට බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.











