මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස දෙවැනි භාගයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (7) පස්වරුවේ දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇත.
එම දුරකතන සංවාදයෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත.










