• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක කාන්තා දිනය දා අරුම පුදුම සිදුවීමක්! සුනාමියෙන් අතුරුදන් වූ දැරියක් මැදිරිගිරියෙන් හමුවෙයි!

March 8, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ලෝක කාන්තා දිනය දා අරුම පුදුම සිදුවීමක්! සුනාමියෙන් අතුරුදන් වූ දැරියක් මැදිරිගිරියෙන් හමුවෙයි!
Share on WhatsAppShare on Facebook

මුළු ලෝකයම කාන්තාවන් පිළිබඳව අවධානය යොමු කරන ලෝක කාන්තා දිනයේ මෙම අරුම පුදුම සිදුවීමක් තංගල්ලෙන් වාර්තා වී ඇත. ඒ් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය ප්‍රදේශයේ පාළු නිවෙසකින් හමුවීමේ පුවතයි.

වයස, නිසි නාමය, උප්පැන්න සහතිකයක් ආදී කිසිවක් නොමැතිව සමාජයේ අසාධාරණ කම් වලින් තවමත් බැට කන මෙම යුවතිය මේ වන විටත් ජීවත් වන්නේ අනේක දුක් කරදර මැද්දක වීම විශේෂත්වයකි.

වයස නිසි ලෙස නොදන්නා ඇය හඳුන්වනු ලබන්නේ කේ .ඒ. කමලා පෙරේරා යන නමිනි, ඇයගේ ලිපිනය අංක191, ජයගම්පුර මහ අඹගස්වැව, මැදිරිගිරිය වෙයි.

පෙර පාසල් වියේ පසුවන සහ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් දෙදෙනකුගේ මවක වන ඇය කාගෙන් හෝ කුලී වැඩක් කරමින් සැමියා ද අහිමිව ජීවිතය ගැටගසා ගනු ලබන්නේ කුලී නිවෙසක වීම විශේෂ විශේෂත්වයකි.

තංගල්ල ප්‍රදේශයේ උපත ලැබූ ඇය පාසල් ගමන ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබිය දී එනම් 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා උදම් රළ ගොඩ ගලා ගිය දිනයේ ඇයගේ මව, පියා, සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය, ඇය ද සමගම සුනාමි උදම් රැලට හසුවී ඇති බව ඇය පැවසුවාය.

මුළු පවුලම දිය රකුසාගෙන් අතුරුදන් වෙද්දී කොහේ හෝ තිබුණු දෛවයේ සරදමකට ඇයගේ දිවි බේරාගෙන ගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඇය අදටත් නොදැන සිටීම තවත් පුදුම දනවන කරුණකි.

තංගල්ල ප්‍රදේශයේ සුනාමි රැඳවුම් කඳවුරක සිටිය දී තංගල්ල ප්‍රදේශයේම විදුහල්පතිනියකගේ නිවෙසට රැගෙන ගොස් ඇය හදා වඩා ගත් බව ද පැවසුවාය.

එම නිවසේ සිටි පිරිස ඇයගේ නම කේ.ඒ. කමලා පෙරේරා නම් කොට ඇති බව ඇය සඳහන් කළ අතර ඇයට වයස අවුරුදු දොළහක් පමණ වෙද්දී එම නිවෙසේ හිමිකාරිය පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය බව ඇය සඳහන් කළාය.

නිවසේ මෙහෙකාර සේවයේ සිටි ඇය මියගිය විදුහල්පතිනියගේ නැගණියකගේ කොළඹ නිවෙසක වැඩකාරකමට රැගෙන ගිය බවත් නිවසේ ඇඳුම් පැළඳුම් සේදීම් දරුවන් බලා ගැනීම ආදී සියලු කටයුතු ඇයට පැවරී තිබූ බවත් ඇය සඳහන් කළාය.

වසර දෙකක් පමණ කාලයක් නිවෙසේ මෙහෙකාර සේවය කරමින් සිටිය දී නිවසේ ඉදිකිරීම් කටයුත්තකට පැමිණි තරුණයකු එම නිවසේ ගෘහස්ත දුරකතනය හරහා සම්බන්ධ වී 14 හැවිරිදි වියේ පසුවෙද්දීම ඇය එම නිවසින් හොර රහසේ රැගෙන ගිය බවත් ඇය කියයි.

ඔහු දුටු පළමු දිනයේම මේ සිදුවීම වීම විශේෂත්වයකි,

වයස අවුරුදු දාහතරේදී ඇය එම නිවෙසෙන් රැගෙන යන්නේ හමුදාවෙන් පලා ආ සෙබළකු බව ද ඇය කියයි. මෙම සෙබළා ඇය කොළඹ සිට මැදිරිගිරිය ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් එහි කාලය ගත කරද්දි පළමු දරුවා එළිය දකිද්දි ඇයගේ හැඳුනුම්පත සකසා ඇත්තේ මෙම තරුණයාගේ උපන් දිනයට දිනක් ඉදිරියට දමා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් බව ඇය සඳහන් කළාය.

නිසි අවබෝධයක් අධ්‍යාපනයක් ලබා නැති ආදරයක් ලබා නැති මෙම දැරිය බාලවයස්කාර වියේම දෙදරු මවක වීමට ඔන්න මෙන්න සිටිය දී තමන් ජීවිතය පුරාවටම රැකබලා ගන්නා බවට පොරොන්දු වී රැගෙන ආ සැමියාගේ සුපුරුදු ක්‍රියාකාරකම් රැසක් ඇයට අතටම හසුවීම පුදුම දනවන කරුණකි.

තම සැමියා බාලවයස්කාර කුඩා දියණියන් රවටා ගන්නා අයෙකු බව දැනගත් බවත් මේ වනවිටත් තමන් වැනිම කුඩා දියණිය රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බව ද ඇය පැවසුවාය.

මේ පිළිබඳව ඇය ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ද ඇයට පැමිණිල්ල විභාග වීම වෙනුවට සිදුව ඇත්තේ ඔවුන්ගෙන් ලැබෙන වෙනත් උත්තර ප්‍රතිචාර බව ඇය හැඬූ කඳුළින් සඳහන් කළාය.

අදට ද ඉන්න හිටින්නට තැනක් අහිමිව කුලී නිවසක පදිංචි වී සිටින ඇය ලෝක කාන්තා දිනයේ මුළු කාන්තා සමාජයෙන්ම ඉල්ලා සිටින්නේ කිසිදු හව්හරණක් නැති තමාට ආරක්ෂිතව ඉන්න හිටින්නට දරුවන් දෙදෙනාට මෙවැනි ඉරණමක් අත් නොවන්නට උදව් උපකාර කරන ලෙසය.

මෙවැනි උදව් කිරීම මුවාවෙන් තමන්ගේ ජීවිතයට නැවත පාපතර අය හමු නොවේවායි ඇය සමාජයෙන් ඉල්ලා සිටීම විශේෂත්වයකි.

ඇයගේ ජීවිතයට සරණක් වීමට කැමැති අයකු වෙත්නම් කේ .ඒ. කමලා පෙරේරා මහජන බැංකුව, මැදිරිගිරිය. ගිණුම් අංකය
231 2 001 2 00 82578 වන අතර වැඩිදුර තොරතුරු 0773 768474 අංකය ඇමැතීමෙන් ලබා ගත හැකි බවද ඇය සඳහන් කරයි.

SendShareShare
Previous Post

විමල්ලා ප්‍රහාර දීම අරඹයි! ජයන්ත ඉල්ලා අස්වෙයි!

Next Post

බැසිල්ට ඉන්දියාවෙන් ඇමතුමක්! ලබන සතියේ එන්න දිනයක් දෙයි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.