මෙතෙක් කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අමාත්‍ය උදය ගම්මන්පිල හා විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් එම අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව අද රාත්‍රියේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බව වාර්තා වේ.
අද දහවල් පොහොට්ටුවේ මැතිඇමැතිවරුන් සමග පමණක් පැවැති සාකච්ජාවේදී මෙම අමාත්‍යවරුන් ඉවත් කරන ලෙසට යෝජනා ඉදිරිපත් වූ අතර ඒ අනුව එහි අවසන් තීන්දුව ගැනීම ජනාධිපතිවරයාට පැවරීමට පියවර ගෙන තිබිණ.










