ලොව වටා රැකියා කරමින් සිටි යුක්රේන ජාතිකයන් මේ වනවිට සිය මව්බිම බේරාගැනීමේ සටනට එක්වීම සදහා යළි සිය රට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට 80,000කට අධික පිරිසක් ඉකුත් දින කිහිපය ඇතුළත යළි යුක්රේනයට පැමිණ ඇති බව දැනගන්නට ඇත.
දැනටමත් මෙම පිරිසෙන් බහුතරයක් පුටින්ට එරෙහි සටනට එක්ව ඇති බවද දැනගන්නට තිබේ.










