සිරගත කොට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද දින හරීන් ප්‍රනාන්දු මහතා ජිනීවා බලා පිටත්ව ගොස් ඇත.
ඒ මහතා සමග මනූෂ නානායක්කාර මහතාද එහි ගොස් ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ජිනීවා බලා පිටත්ව යාමට පෙර හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ජා කිරීමටද පියවර ගෙන තිබිණ.










