• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දානෙ නෑ… බොන්න වතුර නෑ… ලැබෙන දනත් ගමට බෙදලා දුෂ්කරව දිවිගෙවන බුළුගල ‌සෙනසුනේ හිමිවරුන්ට පිහිටක් වෙමුද?

February 16, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
දානෙ නෑ… බොන්න වතුර නෑ… ලැබෙන දනත් ගමට බෙදලා දුෂ්කරව දිවිගෙවන බුළුගල ‌සෙනසුනේ හිමිවරුන්ට පිහිටක් වෙමුද?
Share on WhatsAppShare on Facebook

අපේ රටේ මිනිස්සු ගොඩක් අසරණ වෙලා දුක්විඳිනවා. සමහර දවසකට එක කෑම වේලයි. ඒකත් බඩ පිරෙන්න නෙවෙයි. දවස ගැටගහගන්නෙ පාන් කෑල්ලක් කාලා, කහට උගුරක් බීලා. මෙහෙම දවස ගෙවන පිරිස් මේ රටේ අනන්තයි. හරියට ඉන්න හිටින්න තැනක් නැති, බොන්න පිරිසිදු වතුර ටිකක් නැති පිරිසකුත් ඉන්නවා. ගොඩක් දෙනෙක් මේ බව දන්නේ නැහැ. පන්සලේ හාමුදුරුවන්ට දානෙ විදියට ලැබෙන දේවල් ගමේ මේ වගේ අසරණ මිනිසුන්ට දීලා උන්වහන්සේලා කුසගින්නේ ඉන්නා අවස්ථා ගැනත් අපට අහන්න ලැබෙනවා. නාගරික පන්සල් සැප සම්පත්වලින් යාන වාහනවලින් උතුරනකොට දුෂ්කර ගම්වල පිහිටි සමහර පන්සල්වලට යන්න හරියට පාරක්වත් නැහැ. මේ වගේ දුෂ්කරතාවලින් පිරුණු ගමක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ වැල්ලවාය ප්‍රදේශයෙන්.

‘මව්රට’ පුවත්පතේ අපි ‘හිඟුරුකඩුව’ නම්වූ මේ දුෂ්කර ගම්මානයේ ජනතාව පිළිබඳ සොයා බලන්නට කටයුතු කළා. ඒ සොයාබැලීමේ ප්‍රතිඵලයක් විදියට අපට දැනගන්න ලැබුණේ මේ ගම්මාන ආශ්‍රිතව පිහිටි බුළුගල ආරණ්‍ය සේනාසනය පිළිබඳවයි. මේ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රන්දෙණිය හන්දියෙන් හැරී කිලෝමීටර් 7ක් පමණ යන විටයි. සෙනසුන අවට ජීවත්වන ජනතාවට නිසි පරිදි ආහාර වේලක් හෝ නොලැබෙන නිසා සෙනසුනේ ස්වාමින්වහන්සේලාට දානය ලෙස ලැබෙන ආහාර ද්‍රව්‍ය ඒ අසරණ ජනතාවට බෙදාදීමටයි උන්වහන්සේලා පියවර ගනිමින් සිටින්නේ. ඒ, තම ගොදුරු ගම්මානයේ ජනතාව අසරණ වූ අවස්ථාවක එය නොදැක්කා සේ සිටීම යුතුකමක් නොවන බව උන්වහන්සේලා හොඳින්ම දන්නා නිසයි.

ගම්මානයේ මේ වන විට උද්ගතව ඇති දුෂ්කරතාව පිළිබඳ බුළුගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මාතලේ විශුද්ධිරතන ස්වාමින්වහන්සේ මෙලෙස අදහස් පළ කළා.
‘මේ ගම දුෂ්කරයි. මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායේ බොහෝ තැන්වල මිනිසුන්ට හරියට කෑම වේලක්වත් ලැබෙන්නේ නැහැ. කොරෝනා වසංගතය නිසා ගොඩාක් අමාරුවෙන් තමයි ගමේ මිනිස්සු ජීවත්වෙන්නේ. අපේ සේනාසනය අවට ගම් දෙකක පවුල් 80ක් විතර ජීවත් වෙනවා. සමහරු ගොවිතැන් කරලා ජීවත්වෙනවා. සමහරු කුලී වැඩ කරනවා. ඒ බොහෝ දෙනකුට රටේ තියෙන තත්ත්තේ එක්ක කුලී වැඩක් හොයාගන්න අමාරුයි. ඒ හින්දා ඔවුන්ට ජීවත් වෙන්න අපහසු තත්ත්වයක් උදාවෙලා තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද ඒ දායකයො අපට දානෙ වේලක්වත් පූජා කරන්නේ. ඒත් ඒ මිනිස්සු කොහොම හරි අපට දානෙ වේලක් පූජා කරනවා. ඉතින් අපි සාකච්ඡා කරගෙන ස්වාමින්වහන්සේලා ප්‍රමාණය අඩුකරගත්තා. අපේ සේනාසනයේ කලින් ස්වාමින්වහන්සේලා තිස්දෙනමක් වැඩසිටියා. නමුත් මේ තත්ත්වය නිසා දැන් වැඩඉන්නේ 18 නමක් පමණයි. පසුගිය කොරෝනා කාලෙදි අපි පුළුවන් විදියට ගමේ අසරණ මිනිසුන්ට උදව් කළා. දැනටත් අපට ලැබෙන වියළි ආහාර ද්‍රව්‍ය අපි ඔවුන්ට ලබාදීලා උපකාර කරනවා.

අපේ ආරණ්‍යයෙත් ගොඩක් අඩුපාඩු තියෙනවා. වතුර පවා නැහැ. කුටි ඉදිකිරීම් පවා අතරමඟ නැවැතිලා. නමුත් අපි හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ මේ ගම්මානයේ අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න කියලයි…’

මේ ගම්වාසීන් තමන්ට කෑමට දෙයක් ඉතිරිකර නොගෙන ඒ සියල්ල ගමේ සෙනසුනට පූජාකරන කොට හාමුදුරුවන්ට දැනුණු වේදනාව ගැන අපට කිව්වේ ඇස්වල කඳුළු පුරෝගෙන. අපි කවදාවත් මෙහෙම ගමේ මිනිස්සු වෙනුවෙන් දුක්වෙන හාමුදුරු නමක් දැකලා නැහැ.

ගොවිතැන් කටයුතු විනාශවීම, නිසි කලට වැසි නොලැබීම, පොහොර ප්‍රශ්න, එදිනෙදා නිශ්චිත කුලී වැඩක් නොලැබීම ආදී දහසකුත් එකක් ප්‍රශ්න මැද දිවි ගෙවන මේ අහිංසක මිනිස්සු, ඔවුන් විඳින දුක් ගැහැට ගැන අපට මෙහෙම කිව්වා.

‘අපිට බොන්න වතුරත් නැහැ. ළිං හිඳිලා ගිහින්. අපි වතුර උල්පත් සොයාගෙන කිලෝමීටර ගානක් පයින් යනවා. අපට රෑට නින්දක් නෑ. ජීවත් වෙන්නේ මරණ බයෙන්. කොයි වෙලාවෙ අලි අපිව මරල දායිද කියලා…’

මේ මිනිස්සු කන බොන විදිය දැක්කාම ඇස්වලට කඳුළු උනනවා. අඳින්න හරිහමන් ඇඳුමක් නැහැ. අපට මොනවද තියෙන අඩුපාඩු කියලා හිතෙනවා. ගමේ ගෙවල් දෙක තුනකටම තියෙන්නේ එකම වැසිකිළියක් විතරයි. මේ ජීවිත කොතරම් දුක්ඛිතද?

මේ ගමේ ජනතාවගෙන් විශාල පිරිසක් වකුගඩු රෝගීන් බවට පත්වෙලා. බොන්න පිරිසිදු වතුර බිඳක් නැතු නිසාම මේ මාරාන්තික වකුගඩු රෝගයට ඔවුන් ගොදුරුවෙමින් සිටින්නේ වසර ගණනාවක සිටයි. අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාව නොලැබෙන මේ ශුෂ්ක ගම්මානයේ ගොවිතැන් කරනවා කියන එක මහා යුද්ධයක් වගේ. වැස්ස බලාපොරොත්තුවෙන් ගොවිතැන් කළත් අපේක්ෂිත විදියට වැස්ස නොලැබුණාම සියලු වගාවන් විනාශ වී යනවා. එක පැත්තකින් වන අලින් ඒවා විනාශ කරනවා. අනෙක් පැත්තෙන් වැස්ස, පොහොර යනාදී මූලික සාධක නොලැබීම නිසාත් වගාවන් විනාශ වෙනවා.

වැඩිහිටියන් පමණක් නොව ගමේ අහිංසක දරුවන්ද අපට තම දුක්ගැනවිල්ල මෙසේ ඉදිරිපත් කළා.

‘අපේ අම්මලා ගොවිතැන් කරලා, කුලී වැඩ කරලා ජීවත්වෙන්නේ. අපිට ඉස්කෝලේ යන්න සැතපුම් ගානක් පයින් යන්න තියෙනවා. අවුරුද්දේ මාස ගණනක් අපිට වැස්ස නැහැ. මේ නිසා වතුර ගේන්න අපිට ගොඩක් දුර යන්න වෙනවා. අපට ඉගෙනගන්න ආසාව තිබුණත් ඒ සඳහා වියදම් කරන්න අපේ අම්මලාට ආදායමක් නෑ….’

මේ කතාව අහද්දී ඔවුන් විඳින දුෂ්කර ජීවන රටාව ගැන චිත්‍රයක් ඔබේ සිතේත් මැවෙනවා ඇති. ඇත්තටම එය අතිදුෂ්කර ගම්මානයක්. වන අලින්ගෙන් සිදුවන හිරිහැර සහ සොබාදහමෙන් පවා සහනයක් නොලැබෙන ගොවිබිම් මැද ඔවුන් ගෙවන්නේ කුසට හරි හමන් ආහාර වේලක්, පිරිසිදු දිය බිඳක් නොමැති ජීවිතයක්. අපේ රටේ කොයි තරම් ඇති හැකි අය සිටිනවාද? දිනෙකට රුපියල් ලක්ෂ ගණන් වියදම් කරමින් සුඛ විහරණය කරන ප්‍රභූන්, ව්‍යාපාරිකයන්, දේශපාලකයන් සිටිනවාද? ඒ සියලු දෙනාට අපි මෙලෙස විවෘත ආරාධනයක් කරමු. මේ ගම්මානයට එන්න… ගමේ ජනතාව පත්ව ඇති දුෂ්කරතවන් සියැසින් දැකබලා ඔවුන්ට ශක්තියක් වෙන්න. වියළි ආහාර ද්‍රව්‍ය, පිරිසිදු පානීය ජලය, පාසල් උපකරණ, නිමි ඇඳුම් ආදිය පරිත්‍යාග කිරීමෙන් ඔවුන්ට සහනයක් වන්නට ඔබට හැකියි. එසේම ගම්මානයේ පිහිටි බුළුගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා දන්පැන් පූජා කරන්නටත් ඔබට අවස්ථාව විවෘතයි.

මේ සියලු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණය සහ තොරතුරු, බුළුගල ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍ය මාතලේ විශුද්ධිරතන ස්වාමින්වහන්සේ (076 666 0513) හෝ පූජ්‍ය ගිනිගත්හේනේ සුධීරානන්ද ස්වාමින්වහන්සේ (0777 353969) ඇමතීමෙන් ලබාගත හැකියි.

අපි හැමෝටම ජීවිතයේ නොයෙක් කාලවලදී අතිදුෂ්කර වකවානු පසුකරන්නට සිදුවෙනවා. එය ලෝක ධර්මතාවක්. එලෙස අසරණ වන මිනිසුන්ට පිහිට වන්නට සිටින්නේත් අපිම පමණයි. ඉතින් මේ එළැඹ තිබෙන්නේත් සරණක් අවැසි අපේම මිනිසුන් පිරිසකට උපකාර කළ හැකි දුර්ලභ අවස්ථාවක්. ඉතින් එන්න මේ ගම්මානයට. ඔබේ පුංචි උපකාරයක් පවා ඔවුන්ට මහ මෙරක් තරම් වටීවි.

ලිපිනය :
බුළුගල ආරණ්‍ය සේනාසනය,
අඹදණ්ඩාර, හිඟුරුකඩුව, පස්සර.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ජනතාව පාපැදියට පුරුදු වෙන්න ඕනෑ! ආර්ථිකය හොඳ වුණොත් ඇමැතිවරුත් මාසෙකට දවසක්වත් පාපැදියෙන් ඒවි! අමරවීරගෙන් අමර කතාවක්!

Next Post

දැන් රඟපාල විතරක් ජීවත් වෙන්න අමාරුයි! ඒකට හුරු වෙන්න ටික කාලයක් ගියා!

MORE NEWS

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.