විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී කුරුණෑගල ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් දඹදෙණිය ආසනයට පැමිණියේය.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ සිය පියාණන් පළමු වරට ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කළේ දඹදෙණියෙන් බවය.
එදා ඇගලුම් කම්හල් ආරම්භ කරන විට ඊට අපහාස කළ පිරිස් අද පවසන්නේ රට මෙහෙමවත් හුස්ම ගන්නේ ඇගලුම් අපනයනය කොට ලැබෙන විදේශ විනිමයෙන් යැයි කියාය.
මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.










