• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස් කුමන්ත්‍රණය ‌හොයාගත්තු ජොනී විදුලි කුමන්ත්‍රණයත් ‌හොයාගනී!

February 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇතුළෙ දේවල් ඇතුළේ කතා කරන්න ඕනේ..! එළියෙ බෑ! මුලු මන්ත්‍රී කණ්ඩායමම සුසිල් ඉවත් කිරීම අනුමත කරනවා! ආණ්ඩුවෙන් පළමු ප්‍රතිචාරය එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘ගෑස් ප්‍රශ්නයේදිත් මම කිව්වා කවුරුහරි මේක පිටුපස ඉන්නවා කියලා.එතකොට මට ගොඩක් අය බැන්නා . දැන් ගැස්පුපුරනවා දැකල තියනවාද. විදුලියෙදි තියෙන්නෙත් මේ වගේම ප්‍රශ්නයක්.එක පාරට කැඩෙනවා . මාස ගණන් වහනවා . ජනතාවට දැනෙන්නේ නැද්ද මේ විදුලි බලය අර්බුදය පිටුපස්සේ කුමක් හෝ දෙයක් තියනවා කියලා . මේක පිටුපස්සේ කුමන්ත්‍රණයක් තිබෙනවා . ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ . මේ දේවල් පිටුපස කුමක් හෝ දෙයක් තියෙනවා. බෝම්බ තිබ්බ අය එලිවුනා වගේ මේ දේවලුත් ඉදිරියේදී එළිවෙයි. ඒ සම්බන්ධව අපගේ ජනාධිපතිතුමා කටයුතු කරයි. අඬ බෙර ගහන්නෙ නැතුව උපක්‍රමශීලීව ඔය හැම කෙනෙක්වම පොලිසිය හෙලිකරයි. වෘත්තිය සමිති වලට අපි කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. මේ ක්‍රියාත්මක වෙන්නේ තනිකර යටි උගුල් කුමන්ත්‍රණයක්. ඡන්ද වලට මුහුණ දීලා ජනතාවගේ කැමැත්තට අපි ඉඩ දෙමු. මිනිසුන් මරලා මළ මිනි මතින් දේශපාලනය කරන්න හදන්න එපා. මිනිසුන්ගේ විදුලිය කපලා බලය ලබා ගන්න හදන්න එපා. ඒවා වැරදි වැඩ…’ යැයි මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කලේ දිවයින පුරා සියලුම ගම්මාන ආවරණය වන පරිදි රජය විසින් ක්‍රියාත්මක කෙරෙන ” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට පසුගිය දා නිකවැරටිය මිල්ලගොඩ ප්‍රදේශයේ දී එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා………

ඡන්දය ආවහම මේ අයගේ කයිවාරු ඔක්කොම යට යනවා. මේ අයගේ කයිවාරු ඡන්දය නැති නිසා. ඡන්දය දිනනවයි කිව්වා. ගෝඨාභය මහත්තයා එක්ක සජිත් මහත්මයා අගමැතිකම් කරනවා කිව්වා. ඒ වගේ හුඟක් දේවල් කිව්වා. ඡන්දය තියන්න දවස් තුනක් යයි කිව්වා. කොහොම වුණත් ඡන්ද ප්‍රතිඵල ඔබට මතක ඇති. අපිට පහර පිට පහර ගැහුවත් අපිට ශක්තියක් තියෙනවා ඒවාට මුහුණ දෙන්න. යම් යම් අඩුපාඩු තිබුණත් ඒ දේවල් හදාගෙන ඉදිරියට යන්න අපේ ආණ්ඩුවට හැකියාව තියෙනවා. ලේසියෙන් අපිව වට්ටන්න හම්බ වෙන්නේ නැහැ.
පල්ලියේ බෝම්බය තියපු මිනිහා තමයි බෙල්ලන්විල පන්සලේ දී බෝම්බය තිබ්බේ. ඒ මනුස්සයා ම තමයි රෝහලේදීත් බෝම්බය තිබ්බේ. බෝම්බය පිපුරුවා නම් කියන්නේ ගෝඨාභය ජාතික ආරක්ෂාව ගැන කතා කලාට වැඩක් නැහැ කියලා. අපේ ජනාධිපතිතුමා කිව්වේ පොලිසිය දාලා මේක හොයන්න, එකෙක්ට ගැලවිලා යන්න තියන්න එපා කියලා. හරියටම මේවා පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා බලන්න ඕනෙ. මේ හදන්න හැදුවේ ආණ්ඩුවෙන් බෝම්බ තිබ්බා කියලා කතාවක්.

හිජාස්ව නිදහස් කරන්න කියලා යූ එන් එකෙන් කියනවා. ඒකට කවුරුවත් කිව්වේ නැහැ යුඑන් එකෙන් කරපු ප්‍රකාශය වැරදියි කියලා. මේ දේවල් දිහා අපි බලාගෙන ඉන්නේ. හරේන් ප්‍රනාන්දුලා කාදිනල් හිමිපාණන්ට මඩ ගැහුවා. අන්තිමට සජිත් පේමදාස පල්ලි ඇතුලට එක්කන් ගිහිල්ලා සමාව ගත්තා. මේ දේවල් ගැන මීට වඩා වගකීමෙන් බැලිය යුතුයි කියලා කියලා මම විශ්වාස කරනවා. නැත්නම් වෙන්නේ හරි මිනීමරුවෝ ටිකයි හතුරෝ ටිකයි පැනලා යන එක. මේ බෝම්බ ගැනත් පොලිසියෙන් හෙවුවා. ඒ බෝම්බය පත්තු වුණා නම් ආර්ථිකය විතරක් නෙවෙයි රටට විශාල අපකීර්තියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි රටේ ජීවිත කොතරම් ප්‍රමාණයක් මැරෙයිද. ඒ දේවල් ගැන සත්‍ය එළි වෙයි. අපිට විශ්වාසයක් තියෙනවා පොලිසියෙන් ඒ කටයුතු හරියාකාරව කරලා නියම අපරාධකරුවන්ට දඬුවම් කරයි කියලා.

විපක්ෂයේ ඉන්නේ තුනෙන් දෙකේ බලය කොයි විදිහෙන් හරි ගන්න හදන අය. අදටත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ එය වැරදියි කියලා. ඒවා හොයපු එක සම්බන්ධව ප්‍රශංසා කරන්නේවත් නැහැ. අපි බලමු මේ කුමන්ත්‍රණ එක්ක ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නිවැරදි නායකයෙක්. දූෂණයෙන් තොරව මේ රට නිවැරදිව පාලනය කරන නායකයෙක් . ඒ වගේම මේ රටේ ජනතාවට අසීමිත ලෙස ආදරය දක්වන ජනතා නායකයෙක්. ඒ නිසා තමයි එතුමාට පුළුවන් වුණේ ලෝකයෙන් 6 වෙනි ස්ථානයට එන්නත ලබා දුන් රටක් ලෙස පත්වෙන්නට. එතුමා නිතරම කිව්වේ එන්නත ලබා ගන්න කියලාත ඒ වගේම දේශපාලනඥයන්ට ඒකට උදව් කරන්න කියලා කිව්වා . මහා සංඝරත්නයත් එන්නත සාර්ථකව ලබාදීමට විශාල පිටුවහලක් වුණා. අපේ රට ආරක්ෂා වෙලා තියෙනවා. අද ඔබයි අපි එකතුවෙලා ඉන්නේ එන්නත ලබා ගත්තු නිසා. එන්නත ලබා ගත්තේ නැත්තම් ඉන්දියාවේ වගේ මැරි මැරි වැටෙන්න තිබුණා. තවමත් ලෝකයේ මිනිසුන් මැරෙනවා. අපි බේරිලා ඉන්නෙ එන්නත් කරනය නිසා. එන්නත ලබාදෙන්න ලේසි වුණේ නැහැ. එන්නත ඇනවුම් කරලා නැහැ කිව්වා. එන්නත වැඩි ගණනකට ගෙනල්ලා කියලා කිව්වා. ගෙනාවට පස්සේ එන්නත ගහන්න එපා කියනවා. අවුරුදු දෙකකින් එන්නත ලබාගත් මිනිසුන් මැරෙනවා කිව්වා. වෙනත් අතුරුආබාධ ඇති වෙනවා කිව්වා. ඒක රැල්ලක් වගේ හදන්න හැදුවෙි මිනිස්සුන්ව නොමග යවන්න. ඒ අයට ඕන වුණේ මේ වැඩපිළිවෙළවල් අවුල් කරලා ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක නායකයෙක් කියලා ජනතාවට පෙන්නලා රාජ්‍ය බලය අතට ගන්න.

සමහර රාජ්‍ය නිලධාරීන් රූපවාහිනියට ඇවිල්ලා කියපු දේවල් අපිට අමතක වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හිටිය නිසා හොඳයි. සජිත් ප්‍රේමදාස මහත්තයගේ තාත්තා හිටියා නම් බලාගන්න තිබුණා රූපවාහිනි වල කතා කරපු අයට වෙන දේ . පුළුස්සපු තැනුත් හොයාගන්න වෙන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා උපක්‍රමශීලීව රට පාලනය කරනවා. එතුමන්ට පින්සිද්ද වෙන්න අද අපි ජීවත් වෙලා ඉන්නවා. ඒක අපි පිළිගත යුතුයි. හැම ප්‍රවෘත්තියක් ම සත්‍යය නොවෙයි. එනිසා ඒ නිසා ජනතාවට මම කියන්නේ රැවටෙන්න එපා කියලා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තමයි හොඳම අස්වැන්න ලැබුණේ. කුරුණෑගල ගොවි ජනතාව වගාව කෙරුවා. ගොවියන් විනාශ වෙන විදියට අපි වැඩ කරන්නේ නැහැ. ජනතාව ගැන හිතන නායකයෙක් විදිහට කාබනික පොහොර ලබා දෙන්න එතුමා කටයුතු කළා. ඒ තීරණය සම්බන්ධයෙන් එයට අකමැති අයත් කැමති අයත් ඉන්නවා. ඒ වගේම නොයෙකුත් අයගේ කතා අහමින් ඔළුව විකාර වෙච්ච අයත් ඉන්නවා. සමහරු පඹයො හදාගෙන දඟලනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි දිසානායක මහත්තයාගේ රැවුල වවපු අය තමයි ඉන්නේ. ෆේස්බුක් එකේ බලපුවාම අනාගත ජනාධිපති අපේක්ෂකගේ ගෝලබාලයෝ තමයි මේ වැඩ කරන්නෙ කියලා පේනවා. හැම තැනම කියන්නේ එකම වචන ටික . ගොවි ජනතාව අනාථ වෙන්න ජනාධිපතිතුමා ඉඩ තියන්නේ නැහැ. ගොවි ජනතාව කියන්නේ අපේ ශක්තියයි.

SendShareShare
Previous Post

මෝඩි හමුව තවමත් ඉන්දියාවෙන් ජී.එල්.ට තහවුරු කර නෑ!

Next Post

නිදහස් දා ගිරව් සෙට් එකක් මාර වැඩක් කරලා! රංචුවම ඇවිත් කූඩු කර සිටි ගිරා පැටවකු නිදහස් කරන් ගිහින්! ගෙදර අයිතිකාරයාටත් තුවාල වෙන්නම කොටලා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.