ඉන්දියාවේ දෙදින සංචාරයක නියුතු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් ලබා දීමට නියමිතව තිබූ දිවා භෝජන සංග්‍රහය අවලංගු කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.
ඒ, අභාවප්‍රාප්ත වූ ගීත කෝකිලාවිය වූ ලතා මංගේස්කාර් මහත්මිය වෙනුවෙන් ඉන්දියාව දින 2ක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබීම නිමිත්තෙනි.










