• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි නොදන්න BR’s WAR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

February 6, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අපි නොදන්න BR’s WAR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

යුද්ධය වෙලාවේ උතුරු කොරියාවෙන් ආයුධ මිලට ගත් බවට බැසිල් කී කතාව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් විශාල ආන්දෝලනයකට ලක්ව ඇති පුවතක් බවට පත්ව තිබේ.

‘බැසිල් කළේ මහ බරපතළ ප්‍රකාශයක්’

‘බැසිල්ගේ කතාවෙන් ලංකාව ලෝකයා ඉදිරියේ අපකීර්තියට පත්වෙන්න පුළුවන්…’

ජාත්‍යන්තර මාධ්‍ය විතරක් නොව ලංකාවේ විපක්ෂ නියෝජිතයන්ද පසුගිය දවස් කිහිපයේ වහසි බස් දෙඩුවේ මේ වගේ තකා කියමින්ය. හැබැයි කරුමෙ කියන්නේ එදා යුද්ධය දිනන්න බැසිල් කරපු මෙහෙය ගැන කවුරුත් කතා නොකරන එකය. මොකද බැසිල් කිව්වා කියන මේ කතාවෙන්ම බැසිල් යුද්ධය දිනන්න කරපු කැපකිරීම හොඳින්ම පෙනෙන්න තියෙන නිසාය.

මේ යුද්ධය දින්නාට පසු ඊට පියවරු බොහොමයක් සිටියහ. එවකට ජනාධිපති වූ මහින්ද එහි ඉදිරියෙන්ම සිටියේය. ඊළඟට ආරක්ෂක ලේකම් ගෝඨාභයය. ත්‍රිවිධ හමුදාපතිවරුන් වූ ෆොන්සේකා, කරන්නාගොඩ හා රොෂාන් ගුණතිලක ඊළඟ පෝලිමේ සිටියහ. මෑතකදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ තමන්ද යුද ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කළ බවත්, එහි ගෞරවය තමන්ටද හිමිවිය යුතු බවත්ය.

නමුත් බැසිල් කවදාවත් තමන් යුද ජයග්‍රහණයට දැක්වූ දායකත්වය ගැන වචනයක්වත් කොහේදීවත් කියා තිබුණේ නැත. හැබැයි බැසිල්ගේ මේ අභියෝගාත්මක ප්‍රකාශයම බැසිල් යුද ජයග්‍රහණයට දැක්වූ දායකත්වයේ තරම සොයාගන්න හොඳ මිම්මක්ය.

යුද්ධය අවසන් අදියරේදී ලංකාවේ විතරක් නොව ලෝකයම තිබ්බේ ආර්ථික අර්බුදයකට මැදිවය. ඇමෙරිකාවද ඒ අර්බුදයට මැදිවී සිටියේය. හැම රටක්ම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න විවිධ උත්සාහයන් දරමින් සිටියේය. ලෝකෙට එහෙම වෙලා තියෙද්දි ලංකාවේ ආර්ථිකයද තිබ්බේ හතරගාතෙන් බිම ඇදවැටිලාය. හැබැයි ඒ වෙලාවේ ලංකාවට එක ඉලක්කයක් තිබ්බේය. ඒ, ප්‍රභාකරන් මරාදමා කොහොම හරි තිස් අවුරුදු යුද ශාපයෙන් ලංකාව මුදාගන්නා ඉලක්කයය. රටත්, ආණ්ඩුවත්, ජනතාවත් එකාවන්ව දිව්වේ ඒ ඉලක්කය පස්සේය. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය ත්‍රිවිධ හමුදාපතිවරුත්, ආරක්ෂක අංශත් ඒ ජයග්‍රහණය ලබාගැනීම සඳහා සූදානමින් තබා තිබිණි.
හැබැයි යුද්ධය දිනන්න නම් පිරිස් බලය විතරක් නොව ආයුධ බලයද අවශ්‍යය. ආයුධ නැතිව යුද්ධ දිනන්න බැරිය. ඒ ආයුධ ගන්න සල්ලි වුවමනාය. මොකද යුද්ධය දිනන්න ඇඟේ හයිය තිබ්බ කියලා ලෝකය ණයට අවි ආයුධ ලංකාවට දෙන්නේ නැත. ලෝක අර්බුදයයි, ලංකාවේ අර්බුදයයි කියා ණයට ආයුධ ඉල්ලුවත් කිසිම රටක් ලංකාවට ආයුධ දෙන්න කැමැත්තක් දැක්වූයේ නැත.

අනෙක් අතට ඒ වෙලාවේ මානව හිමිකම් ප්‍රශ්න ඉදිරියට දමමින් එල්.ටී.ටී.ඊ.ය ලෝකය පුරා ගෙනගිය දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය හමුවේ බොහෝ රටවල් ලංකාවට ආයුධ දීම තහනම් කොට තිබිණි. මේ නිසා සල්ලිත් නැතිව යුද්ධය අන්තිම කාලෙ ලෝකයෙන් ආයුධ ගන්න අමාරුම වැඩේ වැටී තිබුණේ බැසිල්ගේ කර පිටටය.

මේ නිසා බැසිල්ට හැරෙන්න තිබුණේ එකම එක රටක් දෙසටය. ඒ, ඉන්දියාවය. මොකද ඒ වෙලාවේ ඉන්දියාවටත් ඕනෙ වෙලා තිබුණේ ලංකාවේ යුද්ධය ඉවර කරන්නටය. ඒකට හේතුව තමන්ගෙ අගමැති රජිව් ගාන්ධි මරාදැමීමේ පලිය ප්‍රභාකරන්ගෙන් ගැනීමට ඉන්දියාවටද උවමනා වී තිබිණි. හැබැයි කොස්සකට තිබුණේ තමිල්නාඩුවය. මොකද ඒ වෙලාවේ පැවැති කොංග්‍රස් ආණ්ඩුව යැපුණේ තමිල්නාඩුව මතය. තමිල්නාඩුව සිටියේ ප්‍රභාකරන් එක්කය. මෙහෙ ප්‍රභාකරන්ට ගහද්දී තමිල්නාඩුවේ දෙමළ ජනතාව යකා නටපු නිසා කොංග්‍රස් ආණ්ඩුවට දෙන සහාය නැතිවී ආණ්ඩුව කඩාවැටෙනු ඇතැයි ඉන්දියාව බියට පත්විය. බැසිල් ඉන්දියාවට ගිහින් යුද්ධය ඉවර කරන්න ආයුධ ඉල්ලුවාම කොංග්‍රස් ආණ්ඩුව බැසිල්ට ‘සොරි’ කීවේ ඒකය. ඒ නිසා බැසිල්ට ආයුධ ගන්න චීනයටත්, පාකිස්තානය දෙසටත් හැරෙන්නට සිදුවිය. ඒ අයත් ලංකාවට ආයුධ දුන්නේ දැඩි සීමා මැද්දේ සල්ලිවලටය.

ඉතින් ආණ්ඩුවට යුද්ධය දිනන්න ආයුධ සොයා දෙන මෙහෙයුමත්, යුද්ධය මැද්දේ රටේ ජනතාව බඩගින්නේ නොතබා කන්න දෙන මෙහෙයුමත් බැලන්ස් කරන්න බැසිල්ට සිදුවිය. මුළු රටේම එක රැයකින් දෙවැනි ලෝක යුද්ධ කාලේ රටේ ජනතාව බජිරි කාලා ජීවත් වුණු බවට පෝස්ටරයක් ඇලවුණේ ඒ හේතුව මතය. හැබැයි බැසිල්ට ජනතාවට බජිරි කවන්න වුවමනා වුණේද නැත. ඒ නිසා බැසිල් ලෝකෙ හැම තැනටම කතා කොට ආයුධ ගන්න පුළුවන් තැනක් හොයාගන්න උත්සාහ කළේය. එතැනදී බැසිල්ට උතුරු කොරියාවෙන් ආයුධ ලබාදිය හැකි බවට තොරතුරු ලැබිණි. ජාත්‍යන්තරයෙන් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබුණත් බැසිල් ඒ වෙලාවේ යුද්ධය දිනීම සඳහාත්, ජනතාව බඩගින්නේ නොතබා ජීවත් කරවීම සඳහාත් උතුරු කොරියාව දෙසට හැරෙන්නට ඇත.

අනෙක ඒ කාලයේ ආණ්ඩුවට සල්ලි හොයල දෙන උල්පත වූ පී.බී. ජයසුන්දරද ආණ්ඩුව ඇතුළේ සිටියේ නැත. පී.බී.ත් එළියේ සිටි නිසා බැසිල්ට මේ ගේම ගහන්න වුණේ තනිවමය. කිසිවකින් නොසැලී බැසිල් තනිවම යුද්ධය දිනන්න ආයුධ හොයාගත්තා පමණක් නොව, ජනතාවට කන්න බොන්න වුවමනා සල්ලිත් අඩුවක් නැතිව රටට අරන් ආවේය. ඒකෙ ප්‍රතිඵලය වුණේ අවුරුදු 30ක යුද්ධය නන්දිකඩාල් කළපුවෙන් වීරෝදාර රණවිරුවන් විසින් අවසන් කිරීමය.

ආණ්ඩුව නන්නත්තාර වෙලා ඉන්න කාලෙක බැසිල් ආණ්ඩුවට හයිය දී මුළු රටෙන්ම ආණ්ඩුව ඔසවා තැබුවේ ඒ විදියටය. හැබැයි කවදාවත් බැසිල් ඒකෙ ක්‍රෙඩිට් එක තමන්ගෙ නම ඉදිරියෙන් ලියාගන්නට ගියේ නැත. තමන්ට කොපමණ අපවාද ගැරහුම් ආවත් කටක් ඇරලා මේවා මමයි කළේ කියලා කියන්න ගියෙත් නැත. බැසිල්ට ඕනෙ වුණේ කොහොම හරි රට ගොඩදාලා දෙන්නටය.

ඉතින් අදත් බැසිල් ඉදිරියේ තියෙන්නේ ඒ වගේ රට ගොඩදැමීමේ අභියෝගයක්ය. එදා යුද්ධය දිනන්න ගේම ගැහුවා වගේම මෙවර රට ගොඩගැනීමේදීත් බැසිල් ගේම ගහලා පෙන්නනවා නිසැකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

රට වැටිච්ච තැනක්! මේ පාර අවුරුදු කන්න ඉන්දියාවෙන්-ඕස්ටේ‍්‍රලියාවෙන් ණය ඉල්ලයි!

Next Post

අරුන්දිකව බෙදාගන්න බැරිව උඩුවේ හිමියි කොටුවේ පොඩි හාමුදුරුවොයි එළිපිට ලොකු සටනක! (VIDEOS)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.