• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ වාහනයකින් රාගම වෛද්‍ය පීඨයට පැන්න රාජ්‍ය ඇමැතිගේ මැරයන් ගැන පොලිස් ඇමැති කතා කරයි!

February 2, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිස් ඇමැතිටත් කොරෝනා!
Share on WhatsAppShare on Facebook

අද (02) අලුයම රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුළු වී සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

අද (02) දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි.

“ඒ සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාට ඉතාම විධිමත් හා පුර්ණ පරීක්ෂණයක් පවත්වන්න කියලා දැනටමත් නියෝග දීලා තියෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර විසින් ඔහුගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලණිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවලා තියෙනවා. මේ සම්බන්ධ අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම රාජ්‍ය ආයතනයකට අයත් මෝටර් රථයක් සහ ඒ රියදුරා වෛද්‍ය පීඨයේ සිසුන් විසින් අත්අඩංගුවට අරගෙන පොලීසියට භාරදීලා තියෙනවා. ඔහු රාගම පොලීසියේ අත්අඩංගුවේ සිටින්නේ. පුද්ගලික, තාක්ෂණික, විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. මේ සියලුම සාක්ෂි ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා තියෙන්නේ. ඒ අනුව සියලුම පුද්ගලයින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම පොලිස්පතිතුමාට විශේෂ නියෝගයක් දුන්නා” යි අමාත්‍යවරයා පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට කඩාවැදුණු මැර පිරිස සිදුකළ පහරදීමකින් සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අද (02) අලුයම 2.30ට පමණ රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට එල්ල වූ ප්‍රහාරය සඳහා පැමිණි එක් අයෙකු වෛද්‍ය පීඨ ශිෂ්‍යන් විසින් අල්ලාගෙන රාගම පොලීසිය බාරයට පත්කර ඇත.

පහළොවක් පමණ වූ මෙම පිරිස වාහන දෙකකින් නේවාසිකාගාර භූමියට ඇතුල්වී ඇති බව පැවසේ.

පැමිණි වාහන දෙකින් එක් වාහනයක් සහ එක් පුද්ගලයෙකු එහි දමා පැමිණි පිරිස පලා ගොස් ඇතිඅතර අතහැර දමාගොස් ඇති WP KI – 2376 දරණ අංකය ඇති නිල් පැහැති පොල් සංවර්ධන මණ්ඩලයට අයත් වාහනයකි.

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ මැදිහත්වීම නිසා පලාගිය පිරිස අතර හුන් එක් අයෙකුගේ මුදල් පසුම්බියක්ද නේවාසිකාගාර භූමියේ තිබී සොයාගෙන ඇත.

එහි තිබූ හැඳුනුම්පතක දැක්වෙන්නේ එය හිමිකරු අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බවයි.

ඔහුගේ නම සඳහන්ව ඇත්තේ ඩී. කේ. සමරතුංග ලෙසය.

දිනේෂ් කැලුම් සමරතුංග යන මෙම පුද්ගලයා බණ්ඩාරගම, වැල්මිල්ල, කිදෙල්පිටිය, 158/ A දරන තැන පදිංචි අයෙක් බව ජාතික හැඳුනුම්පතෙහි සටහන්ව ඇත.

SendShareShare
Previous Post

මෛත්‍රීයි-චම්පිකයි හදිසියේම නුවරදී හමුවුණේ ඇයි?

Next Post

බොරැල්ල පල්ලියේ බෝම්බයට අල්ලන් ගිය 3ක් නිදහස් කරයි!

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.