ජෙරොම් මූලික වශයෙන් ට්විටර් භාවිත කරන්නේ ඔහු ප්‍රිය කරන ක්‍රීඩා සහ පොත් ගැන ට්වීට් කිරීමට මිස, එහි පළවන ප්‍රවෘත්ති බැලීමට නොවේ. කිබෙක්හි වෙසෙන 41 හැවිරිදි බස් රථ රියැදුරකු වන ඔහු, වසර දෙකක කාලයක් තිස්සේ එම ප්‍රදේශයේ කොවිඩ් සීමාකිරීම්වලට බොහෝ දුරට සහායදී ඇතත්, දැන් එය ‘හොඳටම ඇති වී’ තිබේ යැයි පිළිගනියි. ඔහුගේ ට්විටර් ගිණුමෙහි, ඔහුගේ ප්‍රියතම කතුවරුන් සහ කැනඩාවේ ජාතික පාපන්දු කණ්ඩායම පිළිබඳ ඔහුගේ පළකිරීම් අතර, ඔහුගේ දරුවන් නිවෙසේ සිට අධ්‍යාපනය ලැබීම ගැන මඳක් මැසිවිලි නැඟූ පෝස්ටුද පෙනෙන්නට ඇත. නමුත් නව වසරේ මුල් සඳුදාවක සුපුරුදු පරිදිම ට්විටර්හි කල් ගෙවූ ඔහුට, ෆයිසර් ආයතන ප්‍රධානියා සිය එන්නත ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව කිසිදු ආරක්ෂාවක් ලබා නොදෙනබව පවසන වීඩියෝ පටයක් හමුවිය.
දරුණු රෝගයක්
ෆයිසර්හි ප්‍රධානී ඇල්බට් බෝලා මෙසේ පවසනු එහි දැක්වුණි. ‘එන්නත් මාත්‍රා දෙකෙන් ලැබෙනවා නම් ලැබෙන්නේ ඉතා සීමිත ආරක්ෂාවක් බව අපි දන්නවා.’
මේ වීඩියෝව ඇත්තම එකක් නම්, කොහෙ හරි තැනක අනතුරු හැඟවීමේ එලාම් පත්තු වෙනවා වෙන්න ඕනේ නේද?’ ප්‍රතිචාර ලෙස ජෙරොම් ට්වීට් කළේය.
නමුත් මෙම වීඩියෝ පටය Yahoo Finance සමග කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකින්, එහි සන්දර්භයෙන් වෙන්ව පෙනෙන අයුරින් කෙටිකළ එකකි. එම කොටස ෆයිසර් ප්‍රධානී බෝලා ඔමික්‍රෝන්වල ඉහළ ආසාදන අනුපාතයන් ගැන සාකච්ඡා කරන ලද්දකි.
ෆයිසර් නියෝජිතයකු පැහැදිලි කළේ, බෝලා ප්‍රකාශ කළේ ‘ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමෙන් ආරක්ෂා වීමට ෆයිසර්-බයෝඑන්ටෙක්හි කොවිඩ් එන්නතෙහි මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නොවිය හැකි’ නමුත්, එන්නත් කළ පුද්ගලයන් දරුණු රෝග ලක්ෂණ ඇතිවීමෙන් ආරක්ෂාව ලබනු ඇතැයි පර්යේෂණයකින් හෙළි වූ බවය.
අධ්‍යයනයන් කිහිපයක් පෙන්වා දෙන්නේ, එන්නත ගත් අයකුට වෛරසය ආසාදනය වුවද, එය දකුණු අප්‍රිකාවෙන් ප්‍රථමයෙන් හඳුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම අඩු කරන අතර, රෝහල්ගත වීමේ හෝ මරණයට පත්වීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස අඩු කරන බවය.
ජෙරොම් බීබීසී පුවත් සේවයට පැවසුවේ තමා අන්තර්ජාලය හරහා දකින දේවල් ගැන සාමාන්‍යයෙන් ප්‍රවේශම් වූ බවත්, වීඩියෝව පිළිබඳ තවදුරටත් සොයා බැලීමේදී එම වීඩියෝ පටය මුළු සම්මුඛ සාකච්ඡාවෙන් කුඩා කොටසක් බවත් අවබෝධ වූ වගය.
‘පොඩි වීඩියෝ ක්ලිප් එකකින් නිගමනයකට එන එක හොඳ නැති බව මට තේරුණා,’ ඔහු කීවේය.
නමුත් ඔහු බොහෝ දුරට එයට රැවටීමට ඉඩ තිබුණු බවද, සඳහන් කළේය.
‘මම ඇත්තටම පුදුමයටත් කම්පනයටත් පත් වුණා, මට ඇහුණු දේ විශ්වාස කරන්නත් බැරි තරම්’ ජෙරොම් පැවසීය.
ඔහු එන්නත් කිරීම පිළිබඳ සැක පළකළ අවස්ථාවේ සිට ගතවූ සුළු කාලය තුළදී, ඔහුගේ ගිණුම එන්නත් විරෝධී ප්‍රජාවල ලෙස සැලකෙන පුද්ගලයන්ගේ අදහස්වලින් පිරී ගියේය.
‘මට කවදාවත් මගේ ට්විටර් ගිණුමෙන් මේ තරම් නෝටිෆිකේෂන්ස් ආවේ නැහැ,’ ඔහු පැවැසීය.
‘ඔන්න, දැන්වත් ඔබේ ඇස් ඇරේවි වගේ දේවල් මිනිස්සු මට කිව්වා’.
විශාල උපකල්පන
‘එන්නත්වලින් ඇතිකරන ඇදහිය නොහැකි අතුරු ආබාධල වැනි තවත් වැරදි තොරතුරු විශාල සංඛ්‍යාවක් සහිත ලින්ක් ජෙරොම්ට ලැබුණි.
අන්තර්ජාලයේදී දැකගත හැකි පොදු හැසිරීමක් ලෙස, ජනතාව සත්‍යයැයි පැවසිය හැකි, ඔමික්‍රෝන්වලට එරෙහිව එන්නත එතරම් සාර්ථක නැත, නැතහොත්, ඉන් අතිශය දුර්ලභ අතුරු ආබාධ ඇතිවීමේ ඉතා කුඩා අවදානමක් ඇත වැනි විවිධ කරුණු දක්වා තිබිණි. නමුත් ඒ කරුණු මත පදනම්ව, එන්නත අනාරක්ෂිතයි හෝ සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂමයි වැනි ඉතා දීර්ඝ, අවිද්‍යාත්මක, සහ සාක්ෂිවලින් ඔප්පු නොවෙන උපකල්පනයන්ට පැමිණීමද දැකගත හැකි විය.
එම පළකිරීම්වල, එන්නත ගත් අයට රෝගය වැලඳුනහොත් බරපතළ වීමේ සම්භාවිතාව අඩු බව හා එන්නතේ අතුරු ආබාධ වන රුධිරය කැටිගැසීම, පපුවේ දැවිල්ල සහ මරණය වැනි දෑට වඩා වෛරසය වැලඳීමේ ඉහළ අවදානමක් ඇත යනාදී වැදගත් තොරතුරු නොසලකා හරින වග පෙනුණි.
‘ව්‍යාජ තොරතුරු මූලාශ්‍ර හරහා මිනිසුන් කෙතරම් පහසුවෙන් නොමඟ යනවාද කියලා මට ඒකෙන් අවබෝධ වුණා,’ ජෙරොම් පැවසීය.
සැකයක්
ලේඛක ජෝර්ඩන් ස්කැචල්, බෝලාගේ අදහස්වල කොටසක් උපුටා දක්වමින් ඔන්ලයින් ප්‍රවෘත්ති පත්‍රිකාවක ලීවේ, කෝවිඩ් – 19ට එරෙහිව ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙහි මාත්‍රා දෙකෙන් ලැබෙනවා නම් ඉතා කුඩා ආරක්ෂාවක් ලැබේය කියාය.
ජෙරොම් තුළ එන්නත ගැන සැකය පහළ කරන්නට හේතු වූ මුල් ට්වීට් එකද මෙම පුවත් පත්‍රිකාවේ කරුණු මූලාශ්‍රකරගත් බව පෙනී යයි.
වෙනත් සමාජ මාධ්‍ය පළකිරීම්, වීඩියෝ සහ පොඩ්කාස්ට්ද ස්කැචල්ගේ පුවත් පත්‍රිකාව ඍජුවම මූලාශ්‍ර කරගෙන තිබූ අතර, ඉන් තවත් දුරට යමින්, බෝලාගේ අදහස් නිසා එන්නත ‘ආරක්ෂිත සහ ඵලදායීදැ’යි සැක පහළ වන බවද කියා සිටියේය.
එක්සත් ජනපද ප්‍රවෘත්ති නාලිකාවක් වන ක්‍භඊක්‍හි වැඩසටහනකදී බෝලා පළකෙරුණු, එන්නත්වල ‘අපි බලාපොරොත්තු වූ ආරක්ෂිත බවක් පඍභ් තාක්‍ෂණයෙන් ලැබී නැහැ,’යි පැවසූ අදාළ නොවන අදහස් දැක්වීම් කිහිපයක්ද මෙම පෝස්ටුවලින් උපුටා දැක්වෙන බව දක්නට ලැබුණි. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ඔහු කොවිඩ් එන්නත් ගැන කිසිවක් කතාකර තිබුණේ නැත.
‘ආරක්ෂාව බින්දුවයි’
සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ ප්‍රතිලේඛනය පැහැදිලිව පෙන්නුම් කරන්නේ බෝලා, ෆයිසර් සමගම යාවත්කාලීන කිරීමට සැරසෙන වෙනත් එන්නතක් – ෂින්ගල්ස් වෛරසයට එරෙහි එන්නත – ගැන විස්තර කරන බවයි.
ස්කැචල්ගේ ප්‍රවෘත්ති පත්‍රිකාව පසුව මෙම වරද නිවැරදි කළ නමුත්, මිලියන දෙකකට වඩා වැඩි සමාජ මාධ්‍ය රසිකයන් පිරිසක් රැස්කර ගෙන සිටින හිටපු එක්සත් ජනපද කොන්ග්‍රස් සභික රොන් පෝල් විසින් ඒ වන විටත් මෙම අදහස් උපුටා ගෙන තිබිණි.
රොන්ගේ යූටියුබ් වීඩියෝවකින් පැවසුණේ, කෝවිඩ් එන්නත ආරක්ෂිත නොවන බව සහ ඔමික්‍රොන්වලට එරෙහිව කිසිදු ආරක්ෂාවක් ලබා නොදෙන බවත්ය. එසේම, මේ සියලු ප්‍රකාශයන් ඉදිරිපත් කර තිබුණේ ස්කැචල්ගේ පුවත් පත්‍රිකාව මූලාශ්‍ර කරගෙනය.
පෝල්ගේ යූටියුබ් වීඩියෝවේ දැක්වුණු, ‘වත්මන් එන්නත් සාර්ථක නැතැයි ෆයිසර් ආයතනයද පිළිගෙන ඇත’ හෝ ‘කොවිඩ්-19ට එරෙහිව ලබාදෙන ආරක්ෂාව බින්දුවයි’, වැනි ප්‍රකාශයන් බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි හරහා ලැව්ගින්නක් සේ ව්‍යාප්ත විය.
මරණ සංඛ්‍යාව අඩු වෙයි
ස්වාධීන විද්‍යාඥයන් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයන් කරන ලද පර්යේෂණ මගින් පෙන්වාදී ඇත්තේ, බරපතළ ලෙස රෝගාතුර වීම වැළැක්වීමේ දී – විශේෂයෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව – එන්නත් මගින් ධනාත්මක බලපෑමක් ඇතිකරන බවයි.
එක් අධ්‍යයනයකින් පෙනීයන්නේ, දෙවැනි එන්නත් මාත්‍රාවෙන් මාස තුනකට පසුව යමෙකුට ඔමික්‍රොන් ආසාදනය වුවහොත් දරුණු රෝග ඇතිවීමේ සම්භාවිතාව 70%කින් අඩු වන අතර, මාස හයකට පසුවත් එය 50%ක සම්භාවිතාවක් ගන්නා බවය.
තවත් අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් ඔමික්‍රෝන් වැලඳී රෝහල්ගත වීමට ඇති ඉඩකඩ, එන්නත් නොකළ අයට වඩා 65%කින් අඩු බවයි. එසේම, ඉහළ එන්නත්කරණ අනුපාතයක් ඇති බොහෝ රටවල් ඉතා ඉහළ කොවිඩ් ආසාදන මට්ටම් අත්විඳින නමුත්, ඒවා පෙර උච්චතම අවස්ථාවල මරණ අනුපාතයන්ට වඩා ඉතා අඩු අගයන් වේ.
(බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිනි)










