හිටපු ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අතර හමුවක් අද දින නුවරදී සිදුව ඇත.
ඒ, ලෝක තෙත් බිම් සුරැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් මහනුවර පැවැති උත්සවයකදීය.
ඊට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකිවිය.










