• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අර මණ්ඩල මේ මණ්ඩල ඕන එකක් මොකෝ!
යුනිවසිටියටත් දාගමු අපේ එකෙක් යකෝ!

February 2, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
අර මණ්ඩල මේ මණ්ඩල ඕන එකක් මොකෝ! යුනිවසිටියටත් දාගමු අපේ එකෙක් යකෝ!
Share on WhatsAppShare on Facebook

අපේ රටේ බොහෝ ඉහළ තනතුරු සඳහා පත් කිරීම් සිදුකරන්නේ දේශපාලන මැදිහත් වීම මතය. එය ඕනෑම කෙනකු දන්නා කරුණකි. අමත්‍යාංශ ලේකම්වරයාගේ සිට කාර්යාලයීය සහායක තනතුරු දක්වා බොහෝ තනතුරු පත්වන්නේ දේශපාලන මැදිහත් වීම මතය. එය දශක කිහිපයක සිටම පැවතෙන තත්ත්වයකි.

නමුත් විශ්වවිද්‍යාල කුලපතිවරුන් උපකුලපතිවරුන් ඇතුළු අධ්‍යාපනය සම්බන්ධ උසස් තනතුරු සඳහා දේශපාලන අතපෙවීම් සිදුවන්නේ නම් එය බරපතළ තත්ත්වයකි. දැන් එම තත්ත්වයද වෙනස් වී ඇති බව පෙනී යන්නේ පසුගිය දිනවල වාර්තා වූ සිදුවීම් කිහිපයක් හේතුවෙනි. ඒ අතරින් පළමු සිදු වීම වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර සඳහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීමය. ජනාධිපතිවරයා විසින් සිදු කළ එම පත්කිරීමට විරෝධය පාමින් සරසවි සිසුන් පිරිසක් කුලපතිවරයා අතින් උපාධිය ලබා නොගැනීමද බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සිදුවීමක් විය.

දැන් නැවත වරක් එවැනි දේශපාලන අතපෙවීම් පිළිබඳ කතාබහක් ආරම්භ වී ඇත්තේ වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත් කිරීම සම්බන්ධවය. සාමාන්‍ය ක්‍රමවේදය අනුව සිදුවන්නේ විශ්වවිද්‍යාලයක උපකුලපති ධුරය සඳහා විශ්වවිද්‍යාල පාලක සභාවෙන් ලකුණු ලබා දෙන ක්‍රමවේදයක් අනුව තෝරා ගත් නම් කිහිපයක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමය. ඒ අතරින් වඩාත් සුදුස්සා තෝරා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

නමුත් වයඹ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් එම තත්ත්වය වෙනස් වී ඇත්තේ රජයට සම්බන්ධ දේශපාලනඥයන් විසින් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධව දිගින් දිගටම බලපෑම් එල්ල කිරීම මතය. පුරප්පාඩු වී ඇති වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා පාලක සභාව විසින් නිර්දේශ කළ නම් තුනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කර ඇත. ඒ අතර සිටින මහාචාර්ය එච්.එම්.ඒ.හේරත් මහතා ඒ සඳහා පත් කරන ලෙස ජනාධිපතිවරයාට ඉල්ලීම් කරමින් රජයට සම්බන්ධ දේශපාලනඥයන් කිහිප දෙනකු යොමු කළ ලිපි ප්‍රසිද්ධියට පත් වීම දැන් දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.

ජනාධිපතිවරයාට පමණක් නොව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටද ඒ සම්බන්ධයෙන් ලිපි යොමු කිරීමට එම දේශපාලනඥයන් පියවර ගෙන ඇත. එම ලිපි මඟින් ඔවුන් ඉල්ලා ඇත්තේ හේරත් මහතා රජය පත් කිරීමට කැප වුණු අයෙකුවන බැවින් උපකුලපති ධුරය සඳහා ඔහුව පත් කරන ලෙසටය. එමෙන්ම හේරත් මහතා ඒ පිළිබඳව තමන්ගේ උදව් ඉල්ලා සිටි බවද ඇතැම් දේශපාලනඥයන් යොමු කළ ලිපිවල සඳහන්ව ඇත.

මේ ආකාරයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දේශපාලනඥයන් යොමු කළ ලිපිවලින් කිහිපයක් දැන් ප්‍රසිද්ධියට පත් වී ඇත. පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එච්.එම්.සමන්ප්‍රිය හේරත්, ගුණපාල රත්නසේකර, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන් මේ ආකාරයෙන් ඉල්ලීම් සිදු කරමින් ජනාධිපතිවරයාට ලිපි යොමු කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ධම්මික වීරතිලක මහතා මෙන්ම වියත්මග සංවිධානයේ කුලියාපිටිය ශාඛාව මගින්ද මේ පිළිබඳව ඉල්ලීම කර ලිපි යොමු කර තිබීම විශේෂත්වයකි. පැවැති ක්‍රමය වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු වූ වියත්මග සංවිධානය විසින්ද මේ ආකාරයෙන් කටයුතු කිරීම දැන් බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට හේතු වී ඇත.

එම ලිපි අතරින් ශ්‍රී ලංකා පොදුජන ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික වීරතිලක මහතා යොමු කළ ලිපියේ සඳහන් කර ඇත්තේ එච්.එම්.ඒ.හේරත් මහතා තමන් සමඟ වර්තමාන ආණ්ඩුව පිහිටුවීම සඳහා විශාල කැපකිරීමක් සිදු කළ අයෙකුවන බැවින් වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය ඒ මහතාට ලබා දීමට කටයුතු කරන ලෙසිනි.

මේ අතර මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ එච්.එම්.ඒ.හේරත් මහතා වයඹ විශ්වවිද්‍යාලයේ තනතුර ලබා ගැනීමට බලාපොරොත්තුවන බවත් ඒ සඳහා තම සහාය අපේක්ෂා කරන බවත්ය. එබැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙල් ඉල්ලා ඇත. වියත්මග සංවිධානය විසින් යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ හේරත් මහතා වියත්මග ක්‍රියාකාරී සාමාජිකයෙකුව කටයුතු කළ බව සැල කර සිටින බවය.

කෙසේ නමුත් විශ්වවිද්‍යාලයක උපකුලපති තනතුරක් සඳහා මේ ආකාරයෙන් දේශපාලන මැදිහත් වීම් සිදු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී ඇත. විද්වතුන්ගේ අදහස වී ඇත්තේ එය අධ්‍යාපනයේ කඩා වැටීමට හේතුවක් වනු ඇති බවය.

අධ්‍යාපනයෙන් සිදුවිය යුතුවන්නේ කොන්ද කෙළින් තබා ගත් ආත්මාභිමානයෙන් යුතු රටවැසියෙකු නිර්මාණය කිරීමය. නමුත් අප ජීවත්වන්නේ නිදහස් අධ්‍යාපනයේ ඉහළම ආයතනවන විශ්වවිද්‍යාලයක උසස්ම නිලයවත් දේශපාලන මැදිහත්වීමකින් තොරව ලබා ගත නොහැකි රටකය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මොකද්ද මේ සජිත් කරන්න හදන නිරායුධ කැරැල්ල? (VIDEO)

Next Post

ෆයිසර් ‌ලොක්කා කියපු කතාව… මාධ්‍ය විකෘතිය සහ එන්නත ගැන ඇති සැකය!

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.