මහමැතිවරණය දක්වා පත් කිරීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතා හටම පැවරීමට තීන්දු කර ඇත.
මීට පෙර දැනගන්නට ලැබී තිබුණේ එම ආණ්ඩුවේ අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට හෝ දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දීමට යෝජනා වී ඇති බවකි.
අප දහවල් වාර්තා කළේද එම නම් දෙකම යෝජනා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අද සවස අවසන් තීන්දුවක් ගනු ඇති බවත්ය.
ඒ අනුව සවස පැවැති සාකච්ජාවලදී තීන්දු වී ඇත්තේ අගමැති ධූරය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හටම ලබා දීමටය.










