ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගෙන සෑම ප්‍රාදේශීය සභාවකටම එක් කාර්තුවකට ලක්ෂ 40ක මුදලක් වෙන් කිරීමටත්, එම මුදල් ප්‍රමාණය මාස 3ක කාලයක් ඇතුළත වියදම් කොට අවසන් කරන ලෙසත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම ප්‍රාදේශීය සභාපතිවරුන් වෙත දැනුම් දීමක් කොට ඇත.
පසුගිය සති අන්තයේ සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සමග අරලිය ගහ මන්දිරයේදී පැවැති සාකච්ජාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව දැනුම් දී ඇත.
එම ලක්ෂ 40ක මුදල මාස 3ක් ඇතුළත වියදම් කිරීමෙන් පසු ඊළග අදියර සදහා ඉතිරි මුදල් මුදාහැරීමටත් බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
මේ ආකාරයට කාර්තුවෙන් කාර්තුව ප්‍රාදේශීය සභා සභාපතිවරුන් වෙත ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සදහා මුදල් ලබා දීමට මුදල් අමාත්‍යවරයා සැලසුම් කොට ඇත්තේ මහජන්දයකට මුහුණ දීමට බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.










