ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
තමා සහ බිරිඳ නිවසේම නිරෝධායනයට යොමුවී සිටින බව අමරකීර්ති අතුකෝරල මහතා පැවැසීය.
බූස්ටර් එන්නත ලබාගෙන සිටින තමන්ට සහ බිරිඳට බරපතළ සංකූලතා කිසිවක් නැතැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දහයකට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ.










