• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

පී.බී. නෝ… ‌ඩොලර් නෝ… ආප්ප කන්න තුට්ටු නෝ…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 22, 2022
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
පී.බී. නෝ… ‌ඩොලර් නෝ… ආප්ප කන්න තුට්ටු නෝ…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

සෝමසිරි ජයවර්ධන නොහොත් ඒ.එස්. ජයවර්ධන ප්‍රකට රාජ්‍ය නිලධාරියෙකි. ඔහු 1977 සිට 1994 දක්වා වූ යූ.ඇන්.පී. ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශවල තනතුරු දරපු අයෙකි. යූ.ඇන්.පී. ආණ්ඩුවේ අවසාන කාලයේ ඔහු රනිල්ගේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විය. 1994 චන්ද්‍රිකා බලයට ආ විගස ඔහුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරනු ලැබුවේ හැමෝගේම ඇස් උඩ ඉන්දවමිනි. රනිල්ගේ මිනිහෙක්, යූ.ඇන්.පී.කාරයෙක් වසර 17කට පසු ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණ දිනාගත් ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවන්නේ කෙසේ දැයි ශ්‍රීලනිපයේ ආර්ථික විශේෂඥයෝ ප්‍රශ්න කළහ. ඒත් චන්ද්‍රිකා ඒවා තඹ දොයිතුවකට මායිම් කළේ නැත.

වැඩි කලක් ගියේ නැත. ඒ.එස්. ජයවර්ධන සහ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමැති ජී.එල්. පීරිස් අතර ගැටුම් පටන්ගැනුණි. පසුව මෙම ගැටුම් ඇමැති මණ්ඩලය තුළ ඒ.එස්.ට එරෙහි යුද්ධයක් බවට පත්විය. මේ යුද්ධයට නායකත්වය දුන්නේ එවක කම්කරු ඇමැති මහින්ද රාජපක්ෂය. වරක් මහින්ද ඒ.එස්.ට ගහන්න පැන්නේය. ‘කුරහන් සාටකයේ’ කතාව පොතෙහි ඒ සිද්ධිය සඳහන් වන්නේ මෙසේය.

‘මහින්ද රාජපක්ෂ සමග වැඩකිරීමත් සැපක් යැයි කියා අමාත්‍යාංශයේ උපදේශක සභාවට ආ වාසුදේව නානායක්කාරම පසු කාලයේ කියූ පරිදි මහින්දලා හැදූ ආණ්ඩුව ජුන්ටාවකට යටවෙමින් තිබිණි. මුලින්ම මේ ජුන්ටාව සමග ගැටෙන්න සිදු වූයේ මහින්ද රාජපක්ෂටය. ඒ, එක්දහස් නවසිය අනූහතරේ පෙරමුණු ආණ්ඩුවේ මංගල අයවැය සකසමින් තිබූ කාලයය. මේ මංගල අයවැය පිළිබඳ අදහස් ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිනිය ජනාධිපති මන්දිරයට කැඳවා තිබිණි. මේ මංගල අයවැයෙන් ඩීසල් වාහන සඳහා විශේෂ බද්දක් පනවන බව ජී.එල්. ජනාධිපති මන්දිරයට ආ මන්ත්‍රීවරුන්ට කීවේය. ඩීසල් වාහන සඳහා බදු පැනවීමෙන් අමාරුවේ වැටෙන්නේ මධ්‍යම පන්තියේ ජනතාව බව මහින්දගේ අදහස විය. එබැවින් මහින්ද මෙසේ කියන්නට විය. ‘ඩීසල් වාහනවලට බදු පැනෙව්වාම කවුද අමාරුවේ වැටෙන්නේ? මේ රටේ වෑන්වලින් 95%ක්ම දුවන්නේ ඩීසල්වලින්. කොහොමත් මධ්‍යම පන්තියේ මිනිස්සු පාවිච්චි කරන්නේ මේ ඩීසල් වාහන. ඉඳහිට වන්දනාවක යන්න, ස්කූල් සර්විස්වලට, ගමේ කඩේ බඩු අදින්න පාවිච්චි කරන්නේ ඩීසල් වාහන. දැන් අපේ රටේ පන්සල්වල වැඩිපුර පාවිච්චි කරන්නේ ඩීසල් වාහන. ඒ නිසා මේ ඩීසල් වාහනවලට බදු පැනෙව්වාම අමාරුවෙ වැටෙන්නේ පොඩි මිනිස්සු. ඒ නිසා යූ.ඇන්.පී. ආණ්ඩුව කාලයේත් ගේන්න හදපු මේ යෝජනාව දැන් නම් ගේන්න දෙන්න බෑ.’

සාකච්ඡාව හමාර වී මුදල් රාජ්‍ය ඇමැති ජී.එල්. ඇතුළු මැති ඇමැතිවරු ජනාධිපති මන්දිරයෙන් පිටත්ව යමින් සිටියහ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්. ජයවර්ධන පිටත්ව යන ජී.එල්. පීරිස් අමාත්‍යවරයා නතර කොට ඔහුට දොස් නඟමින් සිටියේය. ‘ගමේ ගොඩේ මුදලාලිලා පරෙස්සම් කරන්නද හදන්නේ?’ ඒ.එස්. ජයවර්ධන මුදල් රාජ්‍ය ඇමැති නතර කරගෙන ඩීසල් බද්ද පැනවීම නතර නොකරන ලෙසට බල කරමින් සිටියේය. එතැනින් යන්නට ආ මහින්දටද ඇසෙන සේ ඒ.එස්. ජයවර්ධන, ජී.එල්.ට තදින් කතා කළේය. ගමේ ගොඩේ මුදලාලිලා පරෙස්සම් කරන්න හදන්නේ ඇයි යන සංවාදය කෙරෙන තැනට ආ මහින්ද ඒ.එස්. ජයවර්ධනගේ ටයි පටියෙන් අල්ලා සොලවා තමන් වෙත ඇදගත්තේය.

‘උඹ කොහොමද ඡන්දෙන් පත්වෙලා ඉන්න මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්නේ? උඹලට ඕන විදියටද අපි ආණ්ඩු කරන්න ඕනෑ?’ ජී.එල්.ද තවත් මන්ත්‍රීවරුද ඒ.එස්.ව ගලවා ගත්තේ මහත් වෑයමකිනි. එදා ඩීසල් බද්ද පැනවීම නතර කෙරුණද ජුන්ටාවේ වැඩ එතැනින් නතර කෙරුණේ නැත.

කලක් යද්දී මහින්ද, ජී.එල්. පමණක් නොව චන්ද්‍රිකාගේ අගසව් ලෙස සිටි එස්.බී.ද පසු පෙළ මන්ත්‍රීවරුද ඒ.එස්. ජයවර්ධනට එරෙහිව අවි එසවූයේ ඔහු ආර්ථිකය විනාශ කරමින් ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන්න යූ.ඇන්.පී. කුමන්ත්‍රණයක් කරනවා කියාය. චන්ද්‍රිකා ආණ්ඩුවේ මැති ඇමැතිවරු මන්ත්‍රිවරු ෂේප් කරගන්න ඒ.එස්. ඉවත් කොට පුංචිබණ්ඩා ජයසුන්දර නොහොත් පී.බී.ව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරනු ලැබීය.

මහින්දලා, ජී.එල්.ලා, එස්.බී.ලා ඇතුළු ඒ.එස්. විරෝධී මැති ඇමැතිවරු ජය පැන් බිව්හ.

‘දැන් ආණ්ඩුව නියම පාරේ යයි. පී.බී. දක්ෂයා. මිනිහා නියමෙට වැඩේ දෙයි…’

මේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් එකල කී කතාය. ඒ.එස්. ඉවත් කොට පී.බී. පත් කෙරුණේ 1999 නොවැම්බරයේය. පී.බී. වැඩ භාරගෙන වසරක්වත් ගියේ නැත. රටේ ආර්ථිකය බලන් සිටියදී කඩාවැටෙන්න පටන්ගත්තේය. 2001 මැද වන විට ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වරට ආර්ථිකය ඍණ විය. ආර්ථිකය බින්දුවෙනුත් පහළට ඇදවැටිණි.

‘වරද කාගේද?’

වරද ඒ.එස්.ගේවත්, පී.බී.ගේවත් නොව, චන්ද්‍රිකා සහ ඇගේ ආණ්ඩුවේය. 1977 ජේ.ආර්. සහ 1988 ප්‍රේමදාස හදපු ආර්ථිකයට ඔහේ යන්න ඉඩ දුන්නා මිස චන්ද්‍රිකා ඒ ආර්ථිකය වැඩි දියුණු කරන්න කිසිත් කළේ නැත. මහින්දත් ආර්ථිකයට ඔහේ යන්න ඉඩදී බලා සිටියා පමණක් නොව පෞද්ගලීකරණය කළ පාඩු ලබන රාජ්‍ය ආයතන යළි පවරාගනිමින් ආර්ථිකයට දරන්න බැරි වරායවල් ගුවන් තොටුපොළවල් හදමින් ආර්ථිකය තව තවත් දුර්වල කළේය. 2015 සිට 2019 තෙක් වසර 5 හැරෙන්න 1994 සිට අද දක්වා මෙරට ආණ්ඩු කළේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුය. ඒ වසර 26න් භාගයක් චන්ද්‍රිකාගේය. ඉතිරිය මහින්දගේය. ඒ.එස්.ව පත්කරගත්ත මහින්දගේ කාලයේ ඩීසල් අහස උසට වැඩි විය.

‘මේ වසර 26ට මෙරටට ඩොලර් උපයන්න චන්ද්‍රිකා හෝ මහින්ද කළ වැඩේ මොකක්ද?’

ලංකාව ඩොලර් උපයන්න පටන්ගත්තේ සුද්දා හදපු තේ, රබර්, පොල් ආර්ථිකයෙනි. ඉන් පසු 1965 සංචාරක ඇමැති වුණු ජේ.ආර්. ලංකාවේ පළමු තරු පන්තියේ හෝටල් පටන් ගනිමින් දකුණු වෙරළේ හෝටල් ඇතිකොට ලංකාවේ සංචාරක ව්‍යාපාරය පටන් ගත්තේය. එයින් ඩොලර් ලැබිණි. බණ්ඩාරනායක මැතිනිය 1976 නොබැඳි සමුළුවෙන් ලංකාවේ ගෘහ සේවිකාවන්ට මැද පෙරදිග රැකියා සඳහා යෑමට අවස්ථාව ලබාගත්තාය. 1977 බලයට ආ ජේ.ආර්.ගේ ආණ්ඩුව එය ඩොලර් උපයන උල්පතක් බවට පත්කොට 1980 ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය හැදුවේය. මැදපෙරදිග පමණක් නොව ඉතාලිය, කොරියාව වැනි රටවල ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබාගත්තේය.

ජේ.ආර්. නිදහස් වෙළෙඳ කලාප පිහිටුවමින් විදේශ ආයෝජන හරහා ලංකාවේ ඩොලර් ඉපයීම වැඩිදියුණු කළේය. ප්‍රේමදාස 1988 ජනාධිපති වී ඇඟලුම් කර්මාන්ත 200 ව්‍යාපාරය ආරම්භ කොට කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයක් ඇතිකරන්නත්, ඒ වෙළෙඳ කලාපය සහ කොළඹ යාකරන දකුණු අධිවේගී මාර්ගය හදන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් අනුමත කරගන්නත් වැඩ කළේ විදේශ ආයෝජන හරහා ඩොලර් උපයන්නටය. 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව ආර්ථිකය ඍණ කළාට පසු ආණ්ඩු බලය ගත් රනිල් ආර්ථිකය ධන කොට සාම ප්‍රයත්නය හරහා ටෝකියෝ ආධාර සමුළුවෙන් සහ ඔස්ලෝ ආධාර සමුළුවෙන් අතිවිශාල ඩොලර් පැකේජයක් ලබාගන්න ලොව බලවත් රටවල් එකඟ කරගත්තත් චන්ද්‍රිකා, මංගල සහ ජවිපෙ රනිල් රට බෙදන්න යනවා කියමින් ඔහුගේ වැඩපිළිවෙළ කඩාකප්පල් කොට ආණ්ඩුව බලෙන් ගත්හ. මෛත්‍රි සහ රනිල් ආණ්ඩුව ගහමරාගත්තත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක විදේශ සංචිත ඉතිරි කර ගියේය. 2019 ආ ගෝඨාගේ ආණ්ඩුව විදේශ ණය ගෙව්වේත් අද ගෙවන්නේත් ඒ විදේශ සංචිතවලිනි.

‘ඉතින් ගෝඨාගේ වසර දෙකේ ආණ්ඩුව ඩොලර් උපයන්න මොනවද කළේ?’

ජේ.ආර්. 1980 පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්න ගියේ විදේශ රටවලින් ලංකාවට විදේශ සිසුන් ගෙන්වා ඩොලර් උපයන්නටය. ශ්‍රීලනිපය සහ ජවිපෙ එය කඩාකප්පල් කළේය. 2002 රනිල්ගේ ආණ්ඩුව ඇපලෝ රෝහල හැදුවේ විදේශ රටවල ලෙඩුන්ට සෞඛ්‍ය පහසුකම් දී ඩොලර් උපයන්නටය. මහින්ද 2005 ඇවිත් එය රජයට පවරා ගෙන ඉන්දියානු කාර්ය මණ්ඩලය පැන්නුවේය.

මේවාට අමරනන්ද සෝමසිරි ජයවර්ධනවත්, පුංචිබණ්ඩා ජයසුන්දරවත් වගකිව යුතු නැත. ඩී.එස්., ඩඩ්ලි, මැතිනිය, ජේ.ආර්. හෝ ප්‍රේමදාස වගකිව යුතු නැත. මේවාට වගකිව යුත්තේ චන්ද්‍රිකා සහ මහින්දය. ඉතින් පී.බී. අයින් කළා කියා ආර්ථිකය හොඳ වෙන්න බැරිය. එය ඒ.එස් අයින් කොට පී.බී. දමලා ආර්ථිකය ගොඩ ගන්න ගොස් වෙච්ච විනාශයට අන්ත වනු ඇත. පී.බී. සිය හිතවතකුට යැව්වාය කියන එස්.එම්.එස්. පණිවුඩය හරිය. මෙහෙම ගියොත් ලංකාව බේරගන්න පුළුවන් දෙවියන්ට පමණය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

SLT-MOBITEL නව තේමාවක් යටතේ ඉදිරියට…

Next Post

විලිලැජ්ජයි! උපකුලපති ධූරයත් OIC මට්ටමට වැටෙයි! වයඹ උපකුලපතිකම ඉල්ලා ආණ්ඩුවේ මැතිඇමැතිවරු පෝලිමේ ජනාධිපතිට ලියුම් යවයි! (VIDEO)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.