ජනාධිපති ගෝඨාබය රාපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමට ගන්නා තීරනයත් සමග අහොසි වුණු කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සබාවල සභාපති තනතුරු සදහා නැවතත් එම තනතුරුවල සිට අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත්, තිස්ස විතාරණ යන මන්ත්‍රීවරුන් පත්කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය කාලසීමාවන් තුළ මෙම කාරක සබා රැස්වීම් වලදී රජයේ ප්‍රධාන පෙළේ ආයතන වල දූෂණ සහ වංචා පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර එම අවස්ථාවන්හිදී මෙම සභාපතිවරුන්ද ඒ සදහා සහයෝගය දැක්වීම නිසා මෙම කාරක සබා විසුරුවා හැර ආණ්ඩුවට පක්ෂපාති සභාපතිවරුන් පත් කිරීමට යෝජනා වී තිබිණි.
කෙසේ වෙතත් විපක්ෂය ප්‍රසිද්ධියේම කියා සිටියේ ජනපති විසින් පාර්ලිමේන්තුව හදිසියේම කල්තබණු ලැබුයේ ආණ්ඩුවේ දූෂණ වංචා එළියට එම තවදුරටත් සිදු නොවීම සදහා මෙම කාරක සබා විසුරුවා හැරිය බවයි.
කෙසේ වෙතත් පසුගිය දිනකීපය තුළ තුන්වන පාර්ශවයකගේ මැදිහත් වීමෙන් අදාළ සභාපතිවරුන් හා ජනාධිපතිතුමා අතර අදහස් හුවමාරුක ප්‍රතිඵලයක් වශයෙන් අදාළ කාරක සභාපතිවරුන් නැවත පත්කීරමේදී ඒ සදහා එකගතාවයකට පැමිණ ඇතැයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.










