චීනෙන් ලංකාවට ලබා දී ඇති සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 කාබනිකද යන්න පිළිබදව අද පැවැති කැබිනට් හමුවේදී මාධ්‍යවේදීන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් ඒ පිළිබද නොදැනුවත් බවත්, වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා ඊට පිළිතුරු ලබා දිය හැකි බවත්ය.










