ලංකා විදුලිබල මණ්ඩලයෙන් නව සාමාන්‍යධිකාරිවරයා පත්කර ඇත්තේ සම්ප්‍රදායට පිටින් බවත්, මෙම නව සාමාන්‍යාධිකාරිවරයා යුගදනවි ගිවිසුමට අත්සන් කරන ලද සාක්ෂිකරුවෙකු බවත් ඔහුට විරුද්ධව දූෂණ චෝදනා රාශියක් දැක ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මෙම පත් කිරීම සිදුකර ඇත්තේ යහපත් අරමුණකින් නොවන බව එයින්ම තේරුම් යන බවද අමාත්‍යවරයා කියා සිටියි.
විදුලිබල වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය මගින් ජනතාව අපහසුතාවයට පත් වන්නේ නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම විදුලිබල සභාපතිවරයා බාර ගත යුතු බවත් ආණ්ඩුවත් ඒ ගැන වග බලා ගත යුතු බවද ඔහු පැවසීය.
මෙවන් තක්කඩි දේවල් නොවන්න ආණ්ඩුව වැඩ කටයුතු කළ යුතු බවද හෙතෙම තව දුරටත් කියා සිටී.










