රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා “යතිවර සුරක්ෂා” ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි.
සබරගමු මහ සමන් දේවාලය වෙත පැමිණි ජනාධිපතිවරයා විසින් අද (16) පෙරවරුවේ එම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකර තිබේ.
මේ අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අග්‍රාමාත්‍යවරයාව පිළිගනු ලබීය.










