ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඉන්දියාව මෑතක දී ලබා දුන් ඩොලර් 900කට අධික විනිමය සහන සම්බන්ධයෙන් මෙන්ම ඉන්දියාව එකඟ වූ ණය මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඩොලර් බිලියනයක් හා ඩොලර් මිලියන 500ක් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා දීමට නියමිත අතර එම ණය මුදල ඉතා ඉක්මණින් නිදහස් කිරීම ගැන අවධානයට ලක් ව තිබේ.
මිට අමතරව බලශක්ති සුරක්ෂිත තාව තහවුරු වන පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ පියවර සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රසාදය පල කොට ඇත.
ශ්‍රී ලංකාව සඳහා නව ආයෝජන අවස්තා ඇතිකිරීමටද ඔහු සහතික වී ඇත.
Just concluded a detailed virtual meeting with Sri Lankan Finance Minister @RealBRajapaksa.
— Dr. S. Jaishankar (@DrSJaishankar) January 15, 2022
Reaffirmed that India will be a steadfast and reliable partner of Sri Lanka. pic.twitter.com/aYgKEpkSFy










