• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පතිගේ කෝට් එක ගලවන්න කාදිනල් හිමියන්ට පුලුවන්ද? ආරක්ෂක ලේකම්වරයාත් බොරැල්ල බෝම්බයට පැටලෙයි!

January 15, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
පොලිස්පතිගේ කෝට් එක ගලවන්න කාදිනල් හිමියන්ට පුලුවන්ද? ආරක්ෂක ලේකම්වරයාත් බොරැල්ල බෝම්බයට පැටලෙයි!
Share on WhatsAppShare on Facebook

බොරැල්ල දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය වාර්තා වී පැය 24ක් ගතවීමටත් පෙර එම සිද්ධිය ගැන සිදුකරන පොලිස් විමර්ශන විවේචනය කිරීම සාධාරණ නොවන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරගන්නා බවට රටේ ජනතාවට තමා සහතිකයක් ලබාදෙන බවය.

අද (15) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදියා – “බොරැල්ලේ ක්‍රිස්තියානි දෙවස්ථානයක අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් කාදිනල්තුමා දිගින් දිගටම චෝදනා කරනවා ?”

ආරක්ෂක ලේකම් –  “පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය 2ක් 3ක් ඇතුලත අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුලත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කළාට ඒක මං හිතන්නේ නෑ සාධාරණයි කියලා.”

“අත්බෝම්බයක් හමුවෙලා තියෙනවා. එ් බෝම්බය  එතනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඒ මාර්ගයෙන් ගිහිල්ලා තව අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම කරන්න තියෙනවා. එ්වා කරගෙන යනවා. පැය 2ක 3ක් ඇතුතල එහෙම නැතිනම් පැය 24ක් ඇතුලත මේ පරීක්ෂණ අවසන් කරලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන්න පුළුවන් නම් එක ප්‍රාතිහාර්යක් විය යුතුයි.” 

“මම ආරක්ෂ ලේකම් විදියට සහතියක් දෙනවා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයින් නීතියේ රැහැනට ගෙනවා කියලා.” 

මාධ්‍යවේදියා – “කාදිනල්තුමා චෝදනා කරනවා උදේ සිට CCTV දර්ශන නරඹන්නේ නැතුව මේ පුද්ගලයා ආරක්ෂා කරන්නද හවස 3න් පස්සේ CCTV දර්ශන නරඹන්නේ කියලා ?”

ආරක්ෂක ලේකම් – “මම හමුදා නිලධාරියෙක්. මම දන්නවා යුද්ධ කරන්න. නමුත් ඔය වගේ විමර්ශන දේවල් කරන්න මට තියෙනවාට වඩා දැනුමක් රහස් පොලීසියට තියෙනවා. කාදිනල් වහන්සේ එහෙම ප්‍රකාශ කළාට, උන්හන්සේ හිතනවාට වඩාදුර හිතලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න රහස් පොලීසියටත්, පොලීසියටත් හැකියාව තියෙනවා.” 

“ඒ අයට පරීක්ෂණ කරන විදිය උගන්නන්නේවත් ඒ පරීක්ෂණ කරන විදිය විවේචනය කරන්නෙවත් නැතුව පොඩ්ඩක් ඒ පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. තව දවස් කිහිපයක් යනකොට විස්තර මහජනතාවට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම කාදිනල් උන්නාන්සේටත් දැන ගන්න පුළුවන් වෙයි.” 

මාධ්‍යවේදියා – “ඒ වගේම පොලිස්පතිට බැරිනම් කෝට් එක ගලවලා යන්න කිව්වා. ඔබතුමා ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවාද ?”

ආරක්ෂක ලේකම් – “කාදිනල් හිමියන්ට මගේ තියෙන ගෞරවය නිසා.. මොකද උන්වහන්සේ නෙමෙයි පොලිස්පතිතුමාට කොට් එක දුන්නේ. මම දන්නේ නෑ කාදිනල් හිමියන්ට අයිතියක් තියෙනවාද කියන්න පොලිස්පතිතුමාගේ කොට් එක ගලවලා යන්න කියන්න. නමුත් එක උන්වහන්සේගේ අදහස වෙන්න පුළුවන්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. පොලිස්පතිතුමා නම් ඔය කිව්ව පමණින් කෝට් එක ගලවලා යන එකක් නෑ. නමුත් පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන පරීක්ෂණ නිසිපරිදි මෙහෙයවනා කියන එක මම ආරක්ෂක ලේකම්වරයා හැටියට දන්නවා.”

SendShareShare
Previous Post

කැබිනට් මාරුවත් රිවස්! හේතුව මෙන්න!

Next Post

පි.බී. ගෙදර යන්න කලින් යවපු ආන්දෝලනාත්මක වට්ස්ඇප් පණිවුඩය!

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.