ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීන්දු කර ඇත.
ඊයේ (18) රාත්‍රියේ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ දේශපාලන මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබේ.
මීට අමතරව හදිසි මහමැතිවරණයකට ගියහොත් එය ශ්‍රීලනිපයට අවාසි සහගත නිසා එසේ හදිසි මැතිවරණයකට නොයෑමට එම පක්ෂය තීන්දු කර ඇති අතර ව්‍යවස්ථානුකූලව ආණ්ඩුව විසුරුවා හැරිය යුතු ලබන මාර්තු මාසය දක්වා ආණ්ඩුව රැගෙන යාමටද ඔවුන් තීන්දු කර ඇත.
එමෙන්ම ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුවද පාර්ලිමේන්තුව හදිසි විසුරුවා හැරීමක් සිදු කළ නොහැකි බවද එහිදී මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙනු ලැබ ඇති අතර එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් ඊට සහාය නොදැක්වීමටද ශ්‍රීලනිපය තීන්දු කර ඇත.










